( රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමට අයත් ඩන්සින්න ග්‍රාමසේවා වසමේ ඩන්සිනන් වත්ත මැද කොටස අද (01) උදැසන සිට හුදකලා කල බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය.
හුදකලා කල ඩන්සිනන් වත්ත මැද කොටසින් ගත වු මාස දෙකක කාලය තුල අසාදිතයන් 100 කට ආසන්න පිරිසක් හමු වි ඇති බවත්, අවසන් වරට එම කොටසින් අසාදිතයන් 06 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ මැද කොටසේ 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කර ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
කොත්මලේ ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය කර ඇති බවත්,දැනට කොත්මලේ ඩන්සිනන් වතු යායෙන් පමණක් අසාදිතයන් හමුවිම නිසා ස්වයං නිරෝධානයට යොමු කර සිටින පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමෙන් පසු හුදකලා කල එම වතු යායේ කොටස සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නා බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොත්මලේ ඩන්සින්න වත්තේ කොටසක් හුදෙකලා කරයි