IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


කුඩු සමඟ විසි හැවිරිදි කතක් ඇතුළු 9 ක් අත්අඩංගුවට

 ( තිලකරත්න දිසානායක)

මත් කුඩු සන්තකයෙහි තබා ගෙන සිටි 20 හැවිරිදි එක් දරු මවක් ඇතුළු නව දෙනෙකු ගණේමුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව ගම්පහ සුරා බදු කාර්යාලය සඳහන් කරයි. 
 
 ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඇතුළු පිරිස කණ්ඩායමක් ලෙස සංවිධානය වී හෙරොයින් ජාවාරම සිදු කොට ඇති බව අනාවරණය වී ඇති බවත් මොවුන් අවුරුදු 18 -  22 අතර වයසේ පසුවන්නවුන් බවත් ගම්පහ සුරා බදු කාර්යාලයේ ස්ථානාධිපති එම්.එස්.පී ද කොස්තා මහතා පැවසීය. 
 
මත් කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින මොවුන් කොළඹ , බොරැල්ල ප්‍රදේශයෙන් හෙරොයින් රැගෙන විත්  බෙදාහැරීම් සිදු කොට ඇති බවද අනාවරණය වී තිබේ.
 සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.පී. ධර්මකීර්ති මහතාගේ උපදෙස් පරිදි ගම්පහ සුරාබදු අධිකාරි ලක්ෂ්මන් කැටගොඩ මහතාගේ අධීක්ෂණය මත ස්ථානාධිපති එම්.එස්.පී. ද කොස්තා මහතාගේ මෙහෙයවීම යටතේ සුරා බදු පරීක්ෂක ලොකුබාලසූරිය , සැරයන් ධම්මික, කෝප්‍රල් වරුන් වන වික්‍රමරත්න, මාරසිංහ රියදුරු රුවන්පුර යන නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.
 
 සැකකරුවන් සහ සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 
 



අදහස් (0)

කුඩු සමඟ විසි හැවිරිදි කතක් ඇතුළු 9 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site