
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම සිලාවතුර මුහුදු ප්‍රදේශයේ දී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 110 ක් අද (4) අලුයම් කාලයේ දී සිලාවතුර 03 වන කමාන්ඩෝ බළකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
මන්නාරම 54 වන සේනාංකයට අයත් සිලාවතුර 03 වන කමාන්ඩෝ බළකා කඳවුරේ ජලාශ්‍රිත ක්‍රියාන්විත සිදුකිරීමේ කිමිදුම් කණ්ඩායමක් මුහුදු ප්‍රදේශයේ සඟවා තිබිය දී කේරල ගංජා තොගය සොයා ගෙන තිබේ.
මෙසේ සොයා ගත් කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මගින් රැගෙන විත් මෙම ස්ථානයේ සඟවන්නට ඇති බවට කමාන්ඩෝ සෙබළු සැක පළ කරති.
සොයාගත් කේරල ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු කිරීම සඳහා සිලාවතුර පොලීසියට බාර දීමට පියවර ගත් බව ද කමාන්ඩෝ බළකා කඳවුරේ නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි දෙකක කේරල ගංජා මන්නාරමෙන් අල්ලයි