IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටියක මත්කුඩු මිදිගමින් අහුවෙයි

(සුනිල් ධර්මබන්දු ද සිල්වා)

කාලයක් තිස්සේ මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමක් කරගෙන ගිය  ජාවාරම් කරුවකු කෝටියක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග  මිදිගම පොලිස් වසමෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව මාතර  කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි

සැකකරු මිදිගම,පාතේගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහකයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු  සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 25ක් තිබී ඇති අතර ප්ලාස්ටික් බටයක් තුළ දමා

පොලවේ වළලා තිබූ තවත් හෙරොයින්  ග්‍රෑම් 300ක් තිබී ඇත.

ප්ලාස්ටික් බටය තුළ හෙරොයින් දමා  තිබී ඇත්තේ ජලය ඇතුළට නොයන ලෙස එහි දෙපැත්ත පියන් දෙකකින් හොඳින් ආවරණය කරය.

සැකකරු සංවිධානාත්මක අපරාධ  කරුවන් දෙදෙනෙකු විසින් ලබාදෙන  හෙරොයින් විකිණීම හා මාතර දිසාව 

පුරා බෙදාහැරීම සිදු කරණ බව හෙළිවී  තිබේ.

සැකකරු මාතර පොලිසියට භාරදී ඇති අතර ඔහු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මාතර පොලිසිය කටයුතු කරගෙන යයි

 

 

 



අදහස් (0)

කෝටියක මත්කුඩු මිදිගමින් අහුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site