IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටියකට අධික රන්බඩු-මුදල් සොරාගත් දෙදෙනකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

                                 

මීගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයක් තුළට රාත්‍රී කාලයේ ඇතුළුවු  පුද්ගලයින් දෙදෙනෙක් එම ආයතනය තුළ තිබූ සේප්පුවක්  කපා රුපියල් කෝටියකට අධික රන් භාණ්ඩ  සහ මුදල් ගැනීම සම්බන්ධයෙන්  අද( 21)  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි  ,                      

එම සේප්පුවේ තිබී පවුම් පනස් හතරක් බර රන්  භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 27 ක මුදලක් එම සැකකරුවන් සොයාගෙන තිබිණි .                            

මෙම පුද්ගලයින් දෙදෙනා හොරණ ගෝනපොළ ප්‍රදේශයේ  හා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 35 වැනි වියේ පසුවන ආය බවත් මහරගම,  හෝමාගම, මීගොඩ, කොට්ටාව වැනි ප්‍රදේශයන් වල රාත්‍රී කාලයේ දී වෙළඳසැල් හා උපකරණ කුලියට ලබා දෙන ස්ථාන කොල්ලකා ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද  පොලිසිය පැවසීය.

ඉන් එක් සැකකරුවෙකු තුසිත කුමාර නොහොත් හෝමාගම තුයියා නැමැති අනවර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් බවත් අනෙක් පුද්ගලයා සම්පත් රුවන් චාමර අල්විස් නමැති පුද්ගලයෙක් බවත් එම පුද්ගලයා පන්නිපිටිය ගුවන් පාලම මතදී කාර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින අයෙක් බවත් පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.                            

සැකකරුවන් විසින් කපා දමා තිබූ සේප්පුවේ කොටසක් සඟවා තිබියදී සොයාගත් බවත් ප්‍රශ්න කිරීම්වලදී කිරීම් වලදී සොරකම් කර ඇති රන් භාන්ඩ  හා මුදල් වලින් කොටසක් සොයා ගැනීමට  කැපූ බව පොලිසිය කියයි  .

 සේප්පුව කැපීමට යොදාගත් කියත් පටි, එම ආයතනයේ සී.සී.ටී.වී කැමරා පටිගත කිරීම් සඳහා යොදාගෙන තිබූ ඩි.වී.ආර් යන්ත්‍රයද බස්නාහිර දකු අපරාධ කොට්ඨාසය නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.                                      

සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගනිමින් වැඩිදුරටත් ප්‍රශ්න කර තවත් අපරාධ සිදු කර ඇද්දැයි සෙවීමට නියමිත බවද පොලීසිය පැවසීය. 



අදහස් (0)

කෝටියකට අධික රන්බඩු-මුදල් සොරාගත් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site