IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෑගල්ලේ උපකාරක පන්තිත් නවත්වයි

(නයෝමි දිල්රුක්ෂි)
 
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික උපකාරක පන්ති, දහම් පාසල් සහ පෙර පාසැල් වල අධ්‍යාපන කටයුතු තාවකාලිකව නතර කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර /දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ටිකිරි කොබ්බෑකඩුව මහතා උපදෙස් ලබා දුන්නේය.
 
සබරගමු පළාත් ආණුඩකාර ටිකිරි කොම්බෑකඩුව මහතා මේ  බව සඳහන් කලේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ කැඳවීමෙන් අද (07) පස්වරුවේ රැස්වූ කොවිඩ් මර්ධන මෙහෙයුම් කමිටුවට සහභාගී වෙමිනි.
 
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි රැස්කර තබා ගැනීම සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාව, ලංකා සතොස යන ආයතන වලට උපදෙස් ලබා දුන් අතර සහ අවශ්‍යතාවයක් පැනනැගුණ හොත්  ප්‍රාදේශීය ලේකම්වරුන්ට එම ආහාර බෙදාහැරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගැනීමට කටයුතු කරන ලෙස ද මෙහි දී ආණ්ඩුකාරවරයා  සඳහන් කළේය.
 
එමෙන්ම  අත්‍යවශ්‍ය හේතූන් මත පමණක් ජනතාවට නගරය වෙත පැමිණීම හැර අනවශ්‍ය ලෙස නගරයට පිරිස් පැමිණීම පාලනය කළ යුතු බවත්, ආගමික සිද්ධස්ථාන වල කටයුතු සඳහා ජනතාව ඒකරාශීවීම අවම කළ යුතු බවත් පොදු සහ පෞද්ගලික බස් රථ ගමන් ගන්නා මඟීන් අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳසිටි යුතු බව ත්  ඒ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
 
ඉදිරියේ දී පැවැත්විමට නියමිත පහ වසර ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග ශාලාව අවට ප්‍රදේශයේ දෙමාපියන් අනවශ්‍ය ආකාරයෙන් ඒකරාශී වීම වැළැක්වීම සඳහා අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමට ද ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අධ්‍යාපන අංශවලට  උපදෙස් ලබා දුන්නේය.
 
පසුගිය කාලවකවානුවේ දී කොවිඩ් මර්ධනය සාර්ථක කර ගැනීමට සහය දුන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු විවිධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ සිවිල් ප්‍රජාව මේ මොහොතේ දී එලෙසම සහය දක්වනු ඇතැයි ද ජනතාව මුඛ ආවරණ භාවිතා කරමින්, නියමිත දුර සීමාව පවත්වා ගනිමින් විධිමත් සෞඛයාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් දිස්ත්‍රික්කය තුළ කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමටට කටයුතු කරනු ඇතැයි පළාත් ආණ්ඩුකාරවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
 
කෑගල්ල දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ , දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සහ කෑගල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති මෙහි දී දිස්ත්‍රික්කයේ තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළහ.



අදහස් (0)

කෑගල්ලේ උපකාරක පන්තිත් නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site