IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කොග්ගල ඇඟලුම් කම්හලක දෙදෙනෙකුට කොරෝනා

(ප්‍රේමතිලක ද සිල්වා)

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් කම්හලක සේවිකාවක් සහ සේවකයෙක් කොවිඩ්-19 ආසාධිතයින් බව අද (10) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.

මෙම සේවිකාව අකුරැස්ස හේනේගම පදිංචිකාරියක් වන අතර අදාල සේවකයා ගාල්ල කලේගාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සේවිකාවගේ අකුරැස්සේදී කරන ලද පී.සි.ආර්. පරීක්ෂණයේදී කෝවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති අතර ගාල්ලේ පෞද්ගලික රෝහලකදී අදාල සේවකයා සිදුකළ රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවේදී මේ බව තහවුරු වී තිබෙන බවද බවද වෛද්‍ය සිරිවර්ධන  වැඩිදුරටත් කීය.

මෙම පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව ද පැවසූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිරිවර්ධන මෙම ඇඟලුම් කම්මලේ අදාළ අංශවල සේවකයන්ගේ පී.සි.ආර්. පරීක්ෂණ සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද කීය.



අදහස් (0)

කොග්ගල ඇඟලුම් කම්හලක දෙදෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site