රොමේෂ් මධුෂංඛ
වව්නියාව ඕමන්ත ඉලමරදන්කුලම් ප්‍රදේශයේ කැලෑවකින් හමුවූ බෝම්බ සහිත පොහොර උරයක් අද (30) අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහය ඇතිව පරික්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.
ඉලමරදන්කුලම් කැලෑවට ගිය අයෙකු විසින් මෙම බෝම්බ උරය දැක ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාළ ස්ථානයට ඕමන්ත පොලිස් නිලධාරීන් ගොස් පරික්ෂා කර ඇත.
එහිදී ආර්.පී.ජී.උණ්ඩයක් ද සමඟ බිම්බෝම්බ 10 කට ආසන්න ප්‍රමාණයක් අදාළ පොහොර බෑගයේ ඇති බවට සැකකරන අතර එම බෝම්බ උරය අනාරක්ෂිත හෙයින් එම ස්ථානයෙන් ඉවත් නොකර ඒ බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙතට දැනුම් දීමට ඕම්න්ත පොලීසිය විසින් පියවර ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ බෝම්බ උරය මෙම ස්ථානයේ සඟවා යන්නට ඇති බවටත් කාලයක් ගතවීමෙන් උරය දිරාපත්වීම හේතුවෙන් උරය තුළ තිබූ බෝම්බ ඉවතට වැටී ඇති බවටත් සැකකරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඕමන්තේ කැළෑවකින් බෝම්බ පොහොර උරයක් හමුවෙයි