IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඓතිහාසික සොරගුණේ විහාරයට අයත් භූමියක නිධන් හාරති

(සමන් පාලිත නානායක්කාර) 
 
හල්දුම්මුල්ල ඓතිහාසික සොරගුණේ රජමහා විහාරස්ථානයට අයත් බෝගන්දෙන  විහාරස්ථ භූමියේ නිධන් හෑරූ බවට සැකපිට තවත් පොලිස් සැරයන්වරයකු ඇතුළු තිදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල   මුලස්ථාන පොලිසිය කියයි.
 
මීට මාස දෙකකට පමණ පෙර බෝගන්දන විහාරස්ථ භූමියේ නිධන් හෑරීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
මෙම සැරයන්වරයා ඇතුළු තිදෙනා ද මෙම ස්ථානයේ නිධන් හෑරීමට සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
 
බෝගන්දන විහාරස්ථ භූමිය පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් බවට පුරා විද්‍යා දෙපාදෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තාවේ ද සඳහන් වන බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය කියයි.
 
සැකකරුවන් තිදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
බණ්ඩාරවෙල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මොවුන් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.



අදහස් (0)

ඓතිහාසික සොරගුණේ විහාරයට අයත් භූමියක නිධන් හාරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site