IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඒ - 9 මාර්ගයේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා

සිතුම් චතුරංග

          

කඩු හා තියුණු ආයුද රැගෙන අද (14) දහවල් පැමිණි පිරිසක් විසින් යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය, විලවාඩි මංසන්ධිය අසලදී පුද්ගලයකු කපාකොටා ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනකුට පහරදී ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

         

මහජනතාව ගැවසෙන ස්ථානයක් වන විලවාඩි මංසන්ධිය අසලට තියුණු ආයුධ අතැතිව පැමිණි පිරිස මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනාට බරපතල ලෙස ආයුධවලින් කපාකොටා පහරදී ඇතැයිද පොලිසිය පවසයි.

         

පහරදීම් හේතුවෙන් එම ස්ථානයේදීම එක් පුද්ගලයකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් තිදෙනා කිලිනොච්චිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

         

එලෙස පහරදීමෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නො.164 , උමයාලපුරම් , පරන්තන් යන ලිපිනයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු වේ.

         

නීති විරෝධීව කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුකෙරන වැලි ජාවාරමක් හේතුවෙන් පිරිස මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

         

පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පහරදීමට පැමිණි පිරිස සොයා විශේෂ විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය පැවසීය.

           

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චිය මහ රෝහල වෙත රැගෙන යනු ලැබීය.

         

කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

ඒ - 9 මාර්ගයේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site