IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවයි

(තිළිණි ද සිල්වා)

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවු බව ඌව පළාත් ප්‍රධාන ලේකම්, පී.බී විජයරත්න මහතා අද (19) පවසීය.

ඒ අනුව සැප්තැම්බර් මස 15 වන දින දක්වා ඌව පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පළාත් ප්‍රධාන ලේකම්වරයා කීය.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති කාලයේ දී, දඩ අය කිරීම සිදුනොකරන බවත්, අන්තර්ජාලය මඟින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පහසුකම පෙර පරිදිම ක්‍රියාත්මක බවත් ඌව පළාත් ප්‍රධාන ලේකම්, පී.බී විජයරත්න මහතා නිවේදනය කරයි.

එම කාලය තුළදී ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) කාර්යාලය ඇතුළුව ඌව පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හා ඒ ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බවද හෙතෙම කීය.

 



අදහස් (0)

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site