IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උතුරු මැද පළාත් යන්ත්‍රෝපකරණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට

(දයාරත්න ඇඹෝගම)

උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ නියමයෙන් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ නියෝජත ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය අද (07) දින විසුරුවා හරින ලද බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා පැවසිය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයන් හා උපදෙස් අනුව කටයුතු නොකිරිම මෙම අධ්‍යක්ක මණ්ඩලය විසුරුවා හැරිමට හේතුවු බවත්, මෙම ආයතනය සදහා කඩිනමින් නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කිරමට කටයුතු කරන බවත් ලේකම්වරයා මෙහිදී පැවසිය.

මේ සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත්  සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ නියෝජත ආයතනයේ හිටපු සභාපති ගාමිනී දිසානායක මහතා ගෙන් කළ විමසුමේදී ඒ මහතා මෙසේ පැවසිය.

“අවසරයකින් තොරව කටයුතු කිරිම සහ ආයතනයට සේවකයන් අට දෙනෙකු බදවා ගැනිම නිසා අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කළ බව තමයි ආණ්ඩුකාරතුමාගේ ලිපියේ සදහන් කර තිබෙන්නේ.”

“අපි සැම අවස්ථාවකම අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දු තිරණ ආණ්ඩුකාරතුමාට දන්වා සිටියා. ඒ වගේම ආයතනයේ අත්‍යවශ්‍ය තිබු පුරප්පාඩු සදහා සුදුසුකම් සහිත සේවකයන් කිහිප දෙනෙකු බදවා ගත්තා. අපේ සේවා කාලය තුළ ආයතනය ලාභ ලබන මට්ටමට රැගෙන ආවා. අපි ඉවත් කිරිමේ කිසිම සාධාරණ පදනමක් නැහැ.”

මහ මැතිවරණයෙන් පරාජයට පත්වු දේශපාලඥයන් කිහිප දෙනෙකුට තනතුරු දීමට තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ ආකාරයට ඉවත් කළ බවද හිටපු සභාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසිය.



අදහස් (0)

උතුරු මැද පළාත් යන්ත්‍රෝපකරණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site