(ජේ.කේ.එල් චාමින්ද)
උගුරේ මාළු කටුවක් හිරවි හුස්ම ගැනිමට අපහසුවිමෙන් එක් දරුමවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරික්ෂණයක සාක්ෂි විභාගයේ දි අනාවරණය විය.
මියගොස් ඇත්තේ ගාල්ල ලබුදුව මහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ලියනාරච්චිගේ නන්දාවති (67) නැමැති තැනැත්තියකි.
හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය.
එහිදි මියගිය තැනැත්තියගේ පුතාවන ගම්මුදුවත්තගේ ධම්මික (42) නැමැත්තා සාක්ෂි දෙමින් මෙසේ කිවේය.
මියගොස් ඇත්තේ මගේ මවය. පසුගිය 28 වැනිදින රාත්‍රි මව ආහාර ගනිමින් සිටියදී උගුරේ මාළු කටුවක් හිරිවි තිබුනා. පසුව අම්මාට කෙසෙල්ගෙඩි හා බත්ගුලි කැව්වා. පුද්ගලික වෛද්‍යවරයකුට ද පෙන්වා ප්‍රථිකාර ගත්තා. මවට පසවු අමාරු වුනා හුස්ම ගැනිමට අපහසු වුනා අම්මා කරාපිටිය රෝහලට ඇතුළත් කළා. බිරිද අම්මාගේ ළග හිටියා. 30 වැනි දා පාන්දර අම්මා නැතිවුණා. අම්මාගේ මරණය ගැන සැකයක් නැහැ.
පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකළාය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා උගුරේ මාළුකටුවක් හිරවිම නිසා හුස්ම ගැනිමට අපහසුවිමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
743
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උගුරේ මාළු කටුවක් හිරවීමෙන් එක්දරු මවක් මරුට