IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ඊයම්-තඹ කම්බි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

( ඔගස්ටින් ප්‍රනාන්දු‍)                 

නීතිවිරෝධි ලෙසින් ඊයම් හා තඹ කම්බි තොගයක් ගබඩා කර තිබු නිවසක් වටලා තඹ කම්බි හා ඊයම් බරු තොගයක් සමඟ  එම තොගය සන්ත‍කයේ තබා ගෙන සිටි එක් පුද්ගලයෙකු අද ( 28 ) අත් අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස පොලිස් රථවාහන ඒකකය කියයි.

හදිසියේ ලැබුණ තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මුගුණුවටවන, වටවන ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් කළ සෝදිසියක දී  එම නිවසෙහි  රහසිගතව ගබඩා කර තිබූ මෙම තඹ කම්බි හා ඊයම් බරු තොගය හා  ඊයම් පට්ටම් හතරක්  සොයා ගෙන තිබේ.

වාත්තු වැඩ කරන  බවත් තම මිතුරෙකු විසින් ගෙනැවිත් දුන් මෙම තඹ හා ඊයම් තොගයක මිල දි ගත් අතර රුපියල් 570ක් බැගින් මිලකට තඹ කම්බි කිලෝවක් ගත් අතර ඊයම් ඊට අඩු මිලකට ලබා ගත් බව අත්අඩංගුවට පත් වූ සැකකරු පවසා ඇති අතර  මෙම තඹ හා ඊයම් පසුව තමන් වැඩි මිලකට කොළඹ ව්‍යාපාරිකයෙකු වෙත විකුණන පවසා ඇත.

අත්අඩංගුවට ගත් තඹ තොගය කිලෝ115කුත්  ග්‍රැම් 600 ක් වන අතර ඊයම් කිලෝ 81 වන බවත් කියයි.

අත් අඩංගුවට ගත් ද්‍රව්‍ය විදුලි බල මණ්ඩලය හෝ විදුලි සංදේශන කටයුතු වලට භාවිත කරණ ඒවා බව විශ්වාස කරන  ලබන බවත් ඒ සම්බන්ධයෙන් එහි නිලධාරින් කැඳවා පරික්ෂා කිරිමට පියවර ගත් බවත් පොලිසිය කියයි. සැකකරු මුගුණුවටවන වටවන ප්‍රදේශයේ පදිංචි 37 වන වියේ පසුවන විවාහකයෙකු බවත් කියයි. පරික්ෂණ වලින් පසු සැකකරු හා අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ඊයම්-තඹ කම්බි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14869 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site