IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉරණමඩු ජලාශයේ වාන්දොරටු 6ක් අරී


(ප්‍රදීප් කුමාර)

උතුරු පළාතට බලපා ඇති දැඩි වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග එම පළාතේ ප්‍රධානතම ජලාශයක් වන ඉරණමඩුව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
 
ඒ අනුව ජලාශයේ වාන් දොරටු 6ක් පමණ අද(11) උදෑසන වන විට විවෘත කර ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
ඒ අනුව ඉරණමඩුව ජලාශයේ පහළ කොටසේ ජීවත් වන ජනතාවට අවධානයෙන් පසු වන ලෙස ආපදා කළමණාකරණ නිලධාරීන් දැනුම් දී ඇත. වර්ෂා සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතින බැවින් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ අනෙකුත් ජලාශවල පහළ කොටසේ ජීවත් වන ජනතාවටද අවධානයෙන් පසු වන්නැයි ආපදා කළමණාකරණ නිලධාරීහු දැනුම් දෙති.



අදහස් (0)

ඉරණමඩු ජලාශයේ වාන්දොරටු 6ක් අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site