IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉමදුව ප්‍රා සභාව උණුසුම් වෙයි

( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ඉමදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (20) පැවැත්වු අවස්ථාවේදී එක්සත් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී ඒ.ජී.අරුණ මහතා සභාවට තේ පැලයක් දළු සහ පොහොර පැකට්ටුවක් ගෙන ඒමෙන් සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ තේ පොහොර නොලැබීමෙන් තේ පැල නිසි පරිදි වර්ධනය නොවන බවත් තේ දළු අස්වැන්න ඉතාමත් අඩුවී ඇති බවත්ය.

මෙහිදී මීට විරෝධය දැක්වූ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු කියා සිටියේ කාබනික පොහොර යෙදීම නිසි පරිදි ක්‍රමවත්ව සිදුකිරීමෙන් මෙයට විසඳුම් ලැබෙන බවයි.

සභාපති ඒ.වී.සරත් කුමාර මහතා කියා සිටියේ මෙවැනි ක්‍රියා මාධ්‍ය සංදර්ශණ බවයි.

පසුව අරුණ මන්ත්‍රීවරයා පොහොර පැකට්ටුවක් අතැතිව පවසා සිටියේ මෙහි ඇත්තේ මිනී අළු බවයි.මේ අවස්ථාවේදී සභාව තවත් උණුසුම් විය. 



අදහස් (0)

ඉමදුව ප්‍රා සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 698 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site