IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉමදූව ප්‍රා. සභාව උණුසුම් වෙයි

(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී අරුණ මහතා ප්‍රකාශයක් හේතුවෙන් අද (16) පැවති ඉමදූව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම උණුසුම් විය.

ශ්‍රී ලංකාවේ දැඩි පරිසර විනාශයක් සිදුවන බවත් ඊට විරෝධය දැක්වීමක් ලෙස සභාවට රඹුටන් පැළයක් ගෙන ඒමෙන් එයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරුද්ධ වීමෙන් සභාව උණූසුම් වී තිබේ.

අරුණ මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉමදුව සභාව  ශ්‍රී ලංකාවේ දූෂිතම ප්‍රාදේශීය සභාව බවයි.

මේ අවස්ථාවේදී නැගී සිටි සභාපති ඒ .වී.සරත්  කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ අරුණ මන්ත්‍රීවරයා  ප්‍රකාශ පරිදි මෙම සභාව දූෂිත නම් විගණන වාර්තා වලින්  ඒ බව සනාථ වී තිබේද යන්නයි. එසේ නොමැතිව කිසිම සාක්ෂියක් නොමැතිව මෙසේ ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවයි.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී අමරසේන ලියනපතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ දූෂිත සභාව යැයි ප්‍රකාශ කිරීම වහාම ඉල්ලා අස්කර ගත යුතු බවයි.

කෙසේ වෙතත් අරුණ මන්ත්‍රීවරයා තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියේය.



අදහස් (0)

ඉමදූව ප්‍රා. සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site