IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දීය ධීවර යාත්‍රා රාජ සන්තක කරන්න යයි

 

(තිළිණි ද සිල්වා)
 
උතුරු මුහුදේ ගොඩ ගැසී ඇති ඉන්දීය ධීවර
යාත්‍රා 121 ක පමණ ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට පියවර ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව කියා සිටී.
 
උතුරු මුහුදු ප්‍රදේශයේ ගොඩ ගැසී ඇති මෙම යාත්‍ර විනාශ කිරීමට කටයුතු කරන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉන්දීය බලධාරීන්ව දැනුවත් කළ බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.
 
ඒ අනුව ඔවුන්ගේද එකඟත්වය මත මෙම යාත්‍රා  වෙන්දේසි කර එම මුදල් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් බෝට්ටු හිමිකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
 
බෝට්ටු 121 න් බෝට්ටු 94ක් වෙන්දේසි කිරීම සඳහා අධිකරණ අවසරයද ලැබී ඇතැයි ද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වැඩිදුරටත් කියා සිටියේය.
 
2015 - 2018 දක්වා කාලසීමාවේදී නීතිවිරෝධී අන්දමන් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වීම නිසා අත්අඩංගුවට පත් මෙම යාත්‍රා කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරට අයත් මුහුදු ප්‍රදේශයේ ගොඩ ගැසී ඇත.



අදහස් (0)

ඉන්දීය ධීවර යාත්‍රා රාජ සන්තක කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site