(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ වංකාලෙයි මුහුදු ප්‍රදේශයේදී, නීතිවිරෝධීව යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝ 818 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම උතුරු මුහුදු තීරයේදී කළ සෝදිසි මුර සංචාරයකදී කහ තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ ගෝනි 12 කට අයත් අයත් කහ කිලෝ 510 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව මන්නාරම වංකාලෙයි මුහුදු තීරයේ අතහැර දමා ගොස් තිබූ ගෝනි 5 ක් පරික්ෂා කිරීමේදී එහි තිබී කහ කිලෝ 308 ක ප්‍රමාණයක් තිබී නාවික හමුදා භාරයට ගනු ලැබීය.
කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් රැගෙනවිත් මන්නාරමේ සිට දකුණු ප්‍රදේශය ඇතුළු ප්‍රදේශයන් රැසකට අලෙවි කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් කරන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.
මෙලෙස සඟවා තිබූ කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගත්තේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 818 ක් නාවික හමුදා බාරයට