IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇහැලේපොල කුමාරිහාමිට මාතලේදී උපහාර

(ඉන්දික අරුණ කුමාර)

කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අණින් කෘෘර ලෙස ඝාතනයට ලක්වු ඇහැලේපොල කුමාරිහාමි සිහි කර පිං පැමිණවිමේ උත්සවයක් මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන කාන්තා මන්ත්‍රි සංසදය විසින් අද පවත්වන ලදි. මාතලේ - ඇහැලේපොල පුරාණ විහාරස්ථානයේ දී උත්සවය පැවැත්විණි.

වීර මද්දුම බණ්ඩාර විරුවාගේ පිළිරුව අබියසින් ආරම්භ වූ  පෙරහරකින් පැමිණි පාර්ලිමේන්තු හා පළාත් පාලන නියෝජිතවරියෝ ඇහැලේපොල විහාරස්ථානය අසල පිහිටි ඇහැලේපොල කුමාරිහාමිගේ පිළිරුවට පුෂ්පොහාර පවත්වා පසුව විහාරස්ථාන මළුවේ පිහිටි ඇහැලේපොල අධිකාරම්ගේ පිළිරුවටද පුෂ්පොපහාර දැක්වූහ.

උත්සව සභාව ඇමතු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්ත මහත්මිය කියා සිටියේ ඉතිහාසයේ කාන්තාවට සිදුවු අසාධාරණයන් සේම වර්ථමානයේද ඇතැම් පුද්ගලයින් කාන්තා හිංසනයන් සිදුකරන බවයි.

මෙහි දි අදහස් දැක්වු මාතලේ අනුරැද්ධ අරණ විහාරාධිපති, ලෝක තරැණ බෞද්ධ සම්මේලනයේ සභාපති පුජ්‍ය මුකුණුවෙල අනුරැද්ධ ස්වාමීන් වහන්සේ කියා සිටියේ බුදු දහම තුළද කාන්තා හිංසනය පිටු දැක ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික් පළාත් පාලනල මන්ත්‍රි සංසදයේ සභාපතිනි අචලා රාජකරුණා මහත්මිය ඇතුළු මන්ත්‍රිවරියන් පිරිසක් විසින් සංවිධාන කර තිබු මෙම උත්සවය සදහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල සහ කෝවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දු පුල්ලේ මහත්මීහු සූම් තාක්ෂණය හා එක්වූහ.

 



අදහස් (0)

ඇහැලේපොල කුමාරිහාමිට මාතලේදී උපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site