( ඩී.කේ.රත්න)
එක්වරක් පරාජයට පත්ව තිබූ ඇල්ල ප්‍රාදේශීය සභා වේ 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී දෙවන වතාවටද අද (27) වැඩි ඡන්ද හතකින් පරාජය විය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන් විසි එකකින් සමන්විත ඇල්ල ප්‍රාදේශීය සභාවේ එත්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරැන් හත්දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරැන් හත්දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරන් පස්දෙනාද , ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයාද , ස්වාධීන කණ්ඩායම අංක එක මන්ත්‍රීවරයාද අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්. උදයජීව බංඩාර මහතා විසින් මීට පෙර ඉකුත් 18 වන දින 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප්‍රාදේශීය සභා මහ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරාජයට පත්වීමෙන් නැවත එම අයවැය සංශෝධනය කර අද (27) සභාවට ඉදිරිපත් කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව මෙම සභාව පිහිටුවා තිබූ අතර සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ .එම්. උදයජීව බංඩාර මහතා ද උප සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊ.ඩී. පියදාස මහතාද කටයුතු කළහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇල්ල ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී