IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආඩිගම නිවසකට වෙඩි ප්‍රහාරයක්


 
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )


ආණමඩුව ආඩිගම නගරයේ  නිවසකට අද (26 ) අලුයම 2.30 ට පමණ  වෙඩි ප්‍රහාරයක් එල්ල වි ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
 
මෙසේ වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත්තේ ආඩිගම නගරයේ සිට මිටර් 300 ක පමණ දුරින් අතුරු මාර්ගයක පිහිටි රියදුරේකු පදිංචි  නිවසකට බවත් වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාල නිවෙස් හිමිකරු බිරිද හා පුත්‍රයා නිවසේ රැදි ඇති බව  පොලිසිය කියයි .
 
නිවසේ හිමිකරු වන ඩබ්ලියු .එම් .රංජීත් දයානන්ද මහතා පවසා සිටයේ තමන් තම බිරිද සමග සාලය මැද නිදා සිටියදී එකවර මෙම වෙඩි ප්‍රහාරය එල්ලවු බවයි.
 
වෙඩි ප්‍රහාරයත් සමග තමන් දැඩි කම්පනයට පත්වු බවත් කිසිවක් කර කියා ගත නොහැකිව බිරිද සමග එම ස්ථානයේම රැදි සිටි බව ඔහු පවසයි.
 
වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ තම පුත්‍රයා නිවසේ ඉදිරිපස කාමරයක නිදා සිටි බවත් වෙඩි ප්‍රහාරය එල්ල වි විනාඩි පහකට පමණ පසු පුතාද තමන් ලගට ගෙන ආරක්ෂීතව වෙනත් කාමරයට ගොස් පොලිසියට දැනුම් දුන් බව කියයි.
 
නිවෙස් හිමිකරු පවසන්නේ වෙඩි ප්‍රහාරයෙන් විනාඩි කිපයකට පසුව යතුරු පැදියක් ඇතින් පන නංවා වේගයෙන් යන ශබ්දය තමන්ට ඇසුන බවයි .
 
කුමන හේතුවක් මත තම නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වුවාද යන්න ගැටළුවක් බවත් තමන්ට දැන ගන්නට කිසිදු තරහ කරුවකු නොමැති බවද ඔහු පවසයි.
 
 වෙඩි තැබිම සිදුවු ස්ථානයට මිටර් 200 ක පමණ දුරින් වෙඩි තැබිමට යොදා ගත් බව සැකකරන බෝර 12 ගිනි අවියකට භාවිතා කරන හිස් පතොරම් කොපුවක් පොලිසිය විසින් සොයා ගෙන තිබුණි .
 



අදහස් (0)

ආඩිගම නිවසකට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site