IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති

( රංජිත් රාජපක්ෂ)

රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිදුල නගර මධ්‍යයේ (12) දින උද්ඝෝෂණයක නිරත විය.

වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකු පැය 08 ක කාලයක් සේවය කිරිම වෙනුවෙන් රු 1000 දෛනික වැටුපක් ගෙවන ලෙස කම්කරු අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබුණි.

එම චක්‍රලේඛනයට පටහැනිව කටයුතු කරමින් ආගරපතන වැවිලි සමාගම එම වැටුප ගෙවිමට දැනට දිනකට තේ නෙලන තේ දළු ප්‍රමාණය වැඩි කර නෙලන ලෙසටත්,එසේ තේ දළු නෙලන්නේ නැති වතු කම්කරුවන් වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවිමට වතු සමාගම කටයුතු කරමින් සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

තවද වතු සමාගම විසින් මෙතෙක් තමන්ට ලබාදුන් සුබසාධන කටයුතු කිසිවක් ලබානොදෙන බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ රැකියා වලින් තමන්ට ඉවත් විමට පවා සිති ඇති බව උද්ඝෝෂණයේ නියැලෙන  වතු කම්කරුවෝ පැවසූහ.

තවද තේ වතු වලට රසායනික පොහොර කාලයක් තිස්සේ යොදා නොමැති නිසා තේ ඵලදාව අඩුවිම හමුවේ වතු පාලන අධිකාරිය ඉල්ලන තේ දළු ප්‍රමාණය නෙලා දිය නොහැකි බවද වතු කම්කරුවන් කියා සිටිහ.

ආගරපතන වැවිලි සමාගමට අයත් ඇල්බියන් , ටොරිංටන් ,ග්ලාස්ගෝ , ඩයගම ඇතුළු වතු 08 වතු කම්කරුවන් මෙම උද්ඝෝෂණයට සහභාගි වි සිටිහ.

මෙම උද්ඝෝෂණයට එක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති පි.සත්‍යවේල් මහතා කියා සිටියේ රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1000 වැටුප ලබාදෙන තෙක් (13) දින සිට ආගරපතන වැවිලි සමාගමට අයත් සියළුම වතු වල වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

 

 



අදහස් (0)

ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site