IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අල්ලස් ඉල්ලූ පී.එච්.අයි. අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගවඝාතනාගාරයක හිමිකරුවකුගෙන් අල්ලස් මුදලක් ලබාගැනීමට තැත්කළ උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක( විමර්ශන)කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි පද්මිණි  වීරසූරිය මහත්මිය පැවසුවාය.  

ඇතුන්ගහකොටුව හන්දියේ දී එම හිමිකරුගෙන්  රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

නීත්‍යානුකූල බලපත්‍ර ලබාගෙන දිවුරුම්පොල ඇතුන්ගහකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගව ඝාතකාගාරයක්  වෙත  පැමිණ තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එය  පරීක්ෂාකර ගවමස්වලට මුද්‍රා තැබීම, මස් ප්‍රවාහනය හා වෙළඳසැලේ  මස් විකිණීමට අදාළ වාර්තා ලබාදීම වෙනුවෙන් එම මුදල ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරිය වැඩිදුරටත් පැවසුවාය.  

පැමිණිලිකරු 1957 දුරකථන අංකය හරහා සිදු කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (0)

අල්ලස් ඉල්ලූ පී.එච්.අයි. අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site