(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
අරණායක ප්‍රාථමික විද්‍යාලයක දෙක ශ්‍රේණිය අද (13) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ගැවිලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක යු.පී. බී. හේරත් මහතා පැවසීය.
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ අයකුගේ සමීපතමයෙකු පාසලට පැමිණීම නිසා මෙම තීරණය ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
විදුහලේ දෙක ශ්‍රේණිය වසාදමා එහි ගුරුතුමිය ඇතුළු සිසුන් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
පාසලට පැමිණි ආසාදියාගේ සමීපතමයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව විදුහලේ දෙක ශ්‍රේණිය විවෘත කිරීමේ තීරණය පිළිබඳව පසුව කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.