IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි

(එම් .සුසිල් ප්‍රියන්ත )
                    

අය වැය සම්මත කිරීම සදහාවූ සහා රැස්වීම එය පැවැත්වීමට පැය කිහිපයකට පෙර කල් දැමුවේ යයි කියමින් අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා රැස්වීම ශාලාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවය දැක්වීමත් සමග අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා සහ එම මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවූහ.


              මෙවර අයවැය පැරදෙන බව දන්නා නිසා සභාපතිවරයා සිතා මතාම සභා රැස්වීම කල්දමා ඇතැයි කියමින් මේ විරෝධතාවට එක්වූ මන්ත්‍රීවරු සභා රැස්වීම ශාලාව ඉදිරිපිට සිට විරෝධතාවේ නිරතවූහ.


                       අම්බලන්ගොඩ නගර සභාවේ 2021 වසර සදහා අය වැය සම්මත කර ගැනීම සදහා සභා රැස්වීම  අද (15) උදේ  පැවැත්වීමට නියමිතව තිබූ බවත් ඒ සදහාවූ අය වැය යෝජනාවලිය ඇතුලත් පොතක් ඊයේ (14 ) පස්වරු හතරට පමණ සිය නිවසටම ගෙනවිත් ලබාදුන් බවත් එය ලබාදී එදිනම රාත්‍රී නවයට පමණ නගර සභා සේවකයකු නිවසට පැමිණ සභා රැස්වීම කල්දමා ඇති බවට ලිපියක් ගෙනත් දුන් බවත් මේ විරෝධතාවට එක්වූ මන්ත්‍රීවරු පැවසූහ.


           අද (15 ) දින පැවැත්වීමට නියමිත සභා රැස්වීමට සහභාගීවීම සදහා තමන් සේවය කරන ආයතනවලින් නිවාඩු ලබාගත් බව පැවසූ ඔවුහු සභාව කල් දැමීම නිසා තමන් දැඩි දුෂ්කරතාවන් රැසකටම මුහුණදුන් බවද පැවසූහ.


        එක්සත් ජනතා නිදහස් සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ විරෝධතාවට එක්වී සිටි අතර පාලක පක්සයේ කිසිදු මන්ත්‍රීවරයෙක් මේ විරෝධතාවට එක්ව නොසිටියහ.


               සභා රස්වීම ඉදිරිපිට මන්ත්‍රීවරුන් විරෝධතාවයේ යෙදී සිටියදි නගර සභා සභාපති අරුණ ප්‍රදීප් මහතා එම ස්ථානයට පැමිණීමත් සමගම විරෝධතාවේ යෙදී සිටි මන්ත්‍රීවරු අතර හා ඔහු අතර දැඩි වචන හුවමාරුවීම්  සිදුවූහ.


       මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාගෙන් විමසූවිට කීවේ අපේ නගර සභාවේ නිලධාරීන්ගේ ක්‍රියා නිසා සභා රැස්වීම කල් දැමීමට සිදුවූ බවය.



අදහස් (0)

අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site