IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අම්බලන්ගොඩ දිසා රෝහලේ සේවක උද්ඝෝෂණයක්

 

 
(එම්.සුසිල් ප්‍රියන්‍ත)

කප්පාදු කළ ආහාර සලාකය තමන්ට හා රෝගීන්ට යළිත් ලබාදෙන ලෙස ඉල්ලා  අම්බලන්ගොඩ දිසා රෝහලේ සේවකයින් පිරිසක් අද (9) එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උද්ඝෝෂණයට අම්බලන්ගොඩ දිසා රෝහලේ සේවකයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

තමන්ට හා රෝගීන්ට රජය මගින් ආහර සලාකයක් ලබාදුන් බවත් එසේ ලබාදුන් ආහාර සලාකය දැනට මාසයකට වැඩි කාලයක් තිස්සේ නතර කර දමා තිබෙන බව මේ උද්ඝෝෂණයේ යෙදී සිටින අමබලන්ගොඩ දිසා රෝහලේ සේවකයෝ කියති.
     
මේ ආහාර සලාක කප්පාදුවෙන් තමන් මෙන්ම රෝගීන්ද දැඩි අපහසුතාවටය පත්වී සිටින බවද ඔවුහු කියති.
      
අදාල බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් බොහෝ වාර ගනනක් සාකච්චා කලත් ඔවුන් මේ ප්‍රශ්නය විසදන පාටක් නොපෙනුනු නිසා රටේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් පැවතියද තමන් මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට ප්‍රවිශ්ෂ්ඨවූ බවද උද්ඝෝෂකයෝ පවසති.
    
මේ ප්‍රශ්නයට අද (9) නිසි පිළිතුරක් නොදුනහොත් තමන් දිගටම මේ වෘත්තිය ක්‍රියා මාරගයේ නිරතවන බවද ඔවුහු කියති.
      
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමකදි එහි ප්‍රකාශකයකු කීවේ මේ සම්බන්ධයෙන් සොයා බලා ඊට කඩිනම් විසදුමක් ලබාදීමට පියවර ගන්නා බවය.

 



අදහස් (0)

අම්බලන්ගොඩ දිසා රෝහලේ සේවක උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site