IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


අපේ රටට ශක්තිමත් පෞරුෂයක් තිබෙන ජනාධිපතිවරයෙක් ඕනෑ

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

“අපේ රටට දැන් ශක්තිමත් හොද පෞරුෂයක් තිබෙන ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. එහෙම නැතුව මේ රට
ගොඩ ගන්න බැහැ..“යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාලද සිල්වා මහතා අද 10 පැවසීය.


බදුල්ල දෙමෝදර ඌව පළාත් සභාව මගින් අළුතින් ඉදිකළ ආදාහනාගාරය විවෘත කරමින් නිමල් සිරිපාලද සිල්වා මහතා එසේ කීය.

“නායකයාගේ නම කියන කොට කවුරුත් නැගිටින නායකයෙක් නැතුව මේ රට හදන්න බෑ. එවැනි
ශක්තිමත් නායකයෙක් හදන්න දායකවීම තමයි අපි මේ යුගයේ කළ යුත්තේ... අපි යුගයේ කාර්යභාරය මැනවින්
ඉටුකරනවා. අන්තවාදයට එරෙහි වන ජාතික ආරක්ෂාව ගැන හිතන නායකයෙක් හා ජනතාව ගැන හිතෙන නායකයෙක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉතාම නම්‍යශීලීව හා ව්‍යාප්ත ලෙස හිතලා ජනතාව පැත්තෙන් තීන්දුවක් ගෙන අපි ගමට ඇව්ත් ජනතාවට කියනකම් ඉන්න...  දැන් ඒ දේට මංපෙත් විවර වී තියෙනවා“ යැයි නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.



අදහස් (5)

අපේ රටට ශක්තිමත් පෞරුෂයක් තිබෙන ජනාධිපතිවරයෙක් ඕනෑ

රවින් Saturday, 10 August 2019 08:11 AM

ඔය මොනවා දෙඩුවත් ජනතාව ඉස්සරට වැඩිය බුද්ධිමත් කියලා විතරක් මතකයේ තබා ගත්තොත් හොඳයි.

:       0       0

sam Saturday, 10 August 2019 09:05 AM

පාර්ලිමේන්තුවට ගියත්, රැස්වීමකට ගියත්, තැනක් නොතැනක් නැතිව නිදා වැටෙන කෙනෙක් අනුන්ගේ පෞරුෂය ගැන කතා කරනවා. මේවාට හිනා යනවා.

:       0       0

sarath athauda Saturday, 10 August 2019 09:58 AM

දැන්ද නිමල් සිරිපාලට මතක් වෙලා තියෙන්නේ ඇමතිකමේ ඉන්නකොට මතක නැහැ.

:       0       0

isurandi Saturday, 10 August 2019 10:43 AM

පෞරුෂය තිබ්බට වැඩක් නැහැ ඔලුවක් නැත්තම්. ඔලුව තිබ්බට වැඩක් නැහැ තැනට ඔබින විදිහට හසුරුවන්න බැරිනම්. මේ හැමෝටම නැත්තෙත් ඔය කියන දේවල් තමයි

:       0       0

shan Saturday, 10 August 2019 02:46 PM

අපේ රටට කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ජනපතිවරයෙක් අනවශ්‍යයි. ජනපතිවරයා කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යාම කිසිවිටක නොකළ යුතුයි. එසේ කල ජනපතිවරයෙක් පත් කල නොහැකිනම් රටේ පාලනය වහාම හමුදාවට භාර දිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32419 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14921 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9893 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 386 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site