(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
‘දේශීය දේවල් කාලා අපට ඇඟට එන ශක්තිය කියල නිම කරන්න බැහැ.අපි පුදුමාකාර හයියක් තියෙන ජාතියක්.ගමට ක්‍රීඩාව ගෙන ඒම ලොකු දෙයක්’ යැයි ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය අද (26) කරුවලගස්වැවදී පැවසුවාය.
පුත්තලම කරුවලගස්වැව සාලිය ආදර්ශ මහා විද්‍යාලයට වසර 40 ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගීවෙමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මේ බව කීවාය.
එහිදි රුපියල් ලක්ෂ 100 ක් වැය කර ඉදි කරනු ලබන ක්‍රීඩා මණ්ඩපයේ මුල් ගල් තැබිමේ උත්සවයට සුසන්තිකා ජයසිංහ මහත්මිය ඇතුළු ආරාධිතයෝ පිරිසක් සහභාගීවූහ.
එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙසේ කීවාය.
‘‘අපි අඩුපාඩු ගොඩක් මැද ලෝකය දිනල පෙන්නල තිබෙනවා.පොදු රාජ්‍ය තරග දිනල පෙන්නලා තියෙනවා.ඒ දිනපු උදවිය උනත් අද කොයිතරම් දුරට ක්‍රීඩාව වෙනුවෙන් සේවය කරනව ද? ප්‍රයෝජනයක් ගන්න ව ද? පරණ ක්‍රීඩා කරපු දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ දක්ෂ නිලධාරීන්ව සුදුසු වටිනාකම් දුන්නොත් තමයි හිතෙන්නේ තව ටිකක් බැහැල වැඩ කරන්න" යැයි ඔලිම්පික් පදක්කම්ලාභි ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.
ඔලිම්පික් පදක්කම්ලාභී ශ්‍රියාණි කුලවංශ මහත්මිය, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික නාමල් මුතුගල මහතා සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසූරිය යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගීවූහ.
මෙම අවස්ථාවේදී ක්‍රීඩා පුහුණු සංචිතයක් ආරම්භ කිරීම,ලක්ෂ 11ක වටිනාකමකින් යුත් ක්‍රීඩා උපකරණ ලබා දීමද මෙහිදි සිදුකෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘අපි පුදුමාකාර හයියක් තියෙන ජාතියක්’
ලංකාපුත්‍ර Thursday, 27 June 2019 12:25 AM
මෙතුමිය කියනදේ ඇත්ත. සිංහලයින් පුදුම හයියක් තිබුන ජාතියක් ඒ නිසා අධිරාජ්‍යවාදීන් එම ශක්තිය විනාශකිරීමට මෙරටට දෙල් පුරුදු කලා. පාන් පුරුදු කලා මත්පැන් පුරුදු කලා. ඒ මදිවට සිංහල ඖෂධ විනාශ කලා. තහනම් කලා. වර්තමානයේ කලු සුද්දනුත් සුද්දන් තහනම්කල දේශය ශක්තිමත්කල සිංහල ඖෂධ විනාශ කරනවා. රස කාරක යෙදූ ආහාර නිපදවීමට ඉඩදී ජාතියම ලෙඩ කරනවා. උදාහරණයකින් කියනවා නම් මගේ දරුවා ඉඳි ආප්ප හා ආප්ප කන්න හරිම ආසයි. කඩෙන් පිටි ගෙනල්ලා හදල දෙනවා. මෑතක සිට ඇතිවූ අසනීපයකට බෙහෙත් ගන්න ගියාමයි දැනගත්තේ මේ අසනීපය පැකට්කල ආප්ප, ඉඳි ආප්ප පිටි කෑමෙන් මේ තත්වය ඇතිවෙලා කියලා. මෙනිසා ජනතාවට වෙලා තියෙන්නේ විශ්වාසම තැනකින් ගමේ ආහාර ගැනීමටයි. කොස් වලටත් වස මිශ්‍ර කරනවා නම් තවත් කථා කුමටද. ආහාර අමාත්‍යාංශ ජාතික මට්ටමෙන් හා පළාත් සභා මට්ටමෙන් තිබෙන නිසා මේ ගැන අවධානය යොමුවේවා.