
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා මී උණ රෝගීන් 170 ක් හමුවි ඇති බවත් ඉන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද (20) පැවසිය.
මී උණ රෝගයෙන් මිය ගොස් ඇත්තේ විලච්චිය,තිරප්පනේ,ඉපලෝගම,තඹුත්තේගම සහ තලාවේ පදිංචි ගොවියෝ වෙති.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැතිර යන මී උණ රෝගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙසේද පැවසිය.
පසුගිය වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් වාර්තා වුණේ 160 ක්. මේවන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් 170 ක් වාර්තා වී තිබෙනවා. එය පසුගිය වසර හා සසදා බලන විට වැඩිවිමක් දක්නට ලැබෙනවා.
මේ ආකාරයට මී උණ රෝගින් වැඩිවිමට එක් හේතුවක් තමයි ගොවි මහත්වරු වෛද්‍ය උපදෙස් නොසළකා හැරිම. මී උණ රෝගය වැළැක්වීම සඳහා අවශ්‍ය බෙහෙත් ගොවි සංවිධාන හරහා ගොවියන්ට ලබාදුන්නත් ඔවුන් එම බෙහෙත් බොන්නේ නැහැ.
අනෙක් කාරණය කුඹුරු හාන විට මී උණ රෝගය නිසා උණ හැදුනත් ප්‍රතිකාර නොගෙන කුඹුරු වැඩ අවසන් කරලාම රෝහල් ගත වෙනවා. ඒ වන විට වකුගඩු අක්‍රීය වි රෝගියා මරණයට ගොදුරු වෙනවා. ඒ නිසා උණ රෝගය වැළදුණු වහාම ආසන්නයේ ඇති රජයේ රෝහලකට ඇතුළු වි ප්‍රතිකාර ලබාගන්නා ලෙසට ද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.