IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපරාධ කල්ලි සාමාජිකයාගේ බිරිය හෙරොයින් සමඟ මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ බිරිය රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වටිනා ඇති හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ මිලිග්‍රෑම් 250 ක් සමග වත්තල දී අත්අඩංගුවට ගත් බව මිගමුව කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරෙදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වත්තල හේකිත්ත ප්‍රදේශයේදී   සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය දඩල්ලගේ මංජු නැමැත්තාගේ බිරිය බව පොලිසිය සදහන් කරයි.

මිගමුව කොට්ඨාශ  අපරාධ විමර්ශන අංශයේ   නිලධාරී පිරිසක්  ඉකුත් දා දිවුලපිටිය   ගල්කන්ද හංදියේදී හෙරොයින් මිලිග්‍රෑම් 240 ක් සමහ 30 හැවරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ගනු ලැබීය.

එම සැකකරුගෙන් කරනු ලැබූ  ප්‍රශ්න කිරීමේදී  හෙලිවූ තොරතුරු  මත පොලිසිය වත්තල ඔලියමුල්ලේ   නිවසක්  වැටලීමේදී  28 හැවිරිදි   සැකකාරිය හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ මිලිග්‍රෑම් 250 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.    

හෙරොයින් ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් සමග මෙම සැකකාරියගේ   සොහොයුරාද   18 හැවරදි තරුණයෙකු  මත්පෙති 80 ක් සමග ද   ඒ අවස්ථාවේදී  අත්අඩංගුවට පත්වූ බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

හෙරෝයින් ජාවාරම් කිරී මේචෝදනා මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

 



අදහස් (0)

අපරාධ කල්ලි සාමාජිකයාගේ බිරිය හෙරොයින් සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site