IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනතුරක් කර පළා ගියැයි ලංගම රියදුරු-කොන්දොස්තර අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හොරණ  20 කණුව ප්‍රදේශයේ මාර්ගය හරහා පාගමනින් යමින් සිටි පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු අනතුරට ලක් කර පලා ගොස් සැඟවී සිටි  හොරණ  ලංගම   ඩිපෝවේ රියදුරු සහ  කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සහ මිපේ අතර ධාවනය යෙදෙන බස් රථයක රියදුරු හා කොන්දොස්තර වරයාය අනතුරින් මියගොස් ඇත්තේ තෙලිජ්ජවිල  අලුත් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි විමුක්ති අනුරාද 44 දෙදරු පියෙකි. 

ඉකුත් හත් වෙනි දින මියගිය කළමනාකරු රැකියාව නිමවා මෝටර් රථයෙන් හොරණ 20 කණුව ප්‍රදේශයට පැමිණ ආපන ශාලාවකින් රාත්‍රී  ආහාර මිලට ගෙන යළි පාර හරහා යමින්  මෝටර් රථය වෙත පැමිණීමේ දී හොරණ සිට ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ  බස් රථයේ ඉදිරිපස ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි. 

සිදුවූ අනතුරෙන් පසු රියදුරු සහ කොන්දොස්තරවරයා බස්රථය මඳක් එම ස්ථානයේ නවතා තුවාලකරු රෝහල්ගත නොකර ඩිපෝවට ගොස් බස් රථය ගාල් කර නිවෙස් කරා පිටත් ව ගොස් තිබූ බව පොලිසිය කියයි .

අනතුරින් තුවාල ලබා සිටි පුද්ගලයා ව පොලිසිය මගින් ප්‍රදේශවාසීන්ගේ සහයෙන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී  දින පහකට පසු අද 12 මියගිය බව පොලිසිය කියයි 

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ හොරණ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව  හොරණ ඩිපෝවට ගොස් බස් රථය පරික්ෂා කිරීමේදී සිදුවූ අනතුරෙන් බස් රථයේ ඉදිරිපස ට තරමක් අලාභානි සිදු වී තිබූ බව පොලිසිය කියයි 

හොරණ මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ඩුල  ගිනිගේ මහතාගේ උපදෙස් මත   රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික රුවන් පොලිස් සැරයන් 37472 සෙනරත් කොස්තාපල් 69872 මහේෂ් මහත්වරු  පරීක්ෂණ පවත්වයි 

 



අදහස් (0)

අනතුරක් කර පළා ගියැයි ලංගම රියදුරු-කොන්දොස්තර අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site