IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනතුරකින් පුද්ගලයකු මරුට


 
(ඩබ්ලිව්.ඒ. අසේල)

මහනුවර  රන්දෙණිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රි සිදුවූ මාරක රිය අනතුරකින් යතුරු පැදි කරුවෙකු එම ස්ථානයේම මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මහනුවර  ධර්මරාජ  මාවතේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙකි. 

මුතුරාජවෙල  සිට  බදුල්ලට  තෙල්  ප්‍රවාහනය  කොට නැවත  කොළඹ  දක්වා ගමන් කරමින් සිටි බවුසරයක ඇතිවූ කාර්මික  දෝෂයක් නිසා මයිලපිටිය  ප්‍රදේශයේ මාර්ගය  මත නවත්වා තිබියදී පිටුපසින් පැමිණි යතුරු පැදිය  එම බවුසරයේ ගැටීමෙන් මෙම  අනතුර  සිදුවී ඇත.

මෘත ශරීරය  මේ වන විට මාරස්සන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට  ඇති අතර  බවුසරයේ රියදුරු තලාතුඔය  පොලිසිය  මගින් අත්අඩංගුවට  ගෙන  ඇත.

තලාතුඔය  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන  පොලිස්  පරීක්ෂක කෝකිල ආරියදාස  මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරි කණ්‌ඩයමන් සිද්ධිය  සම්බන්ධව  පරීක්ෂණ  ආරම්භ  කර  ඇත

 



අදහස් (0)

අනතුරකින් පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site