IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අතුරුදන් වු ධීවරයෙකු සොයයි

( තුසිත කුමාර ද සිල්වා )

බේරුවල ධීවර වරායෙන් ඉකුත් 31 වන දින ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙන එම්.වී.අය්.එල්.යූ.0271k l අංක දරණ සීවිස් නම් වූ බහුදින යාත්‍රා වී සිටී ධීවරයෙකු නැගෙනහිර මුහුදු සීමාවේ කිලෝමීටර් 200ක පමණ දුරින් සිටියදී මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි යාත්‍රාවේ හිමිකාර පාර්ශවය බේරුවල පොලීසියට පැමිණිලි කර ඇතැයි බේරුවල පොලිසිය අද (7) පැවසීය.

මෙසේ මුහුදට වැටී අතුරුදහන්ව ඇත්තේ අංක 619 මාකුඹුර ,අහුන්ගල්ල බලපිටිය ලිපිනයෙහි පදිංචි ජීවමුනි සමීර ශ්‍රියානන්ද ද සිල්වා (33)නැමැත්තෙකු බව පොලීසිය කියයි.

මෙම යාත්‍රාවේ ස්කීපර් හෙවත් පැදිකරු සමඟ ධීවර කාර්මික පුද්ගලයන් 6 දෙනෙකු සිට ඇති බවත් මුහුදට වැටී අතුරුදන්ව ඇත්තේ ඉන් එක් අයෙකුබවත් මේ වන විට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් කිහිපයක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කරමින්එම ධීවරයා සොයා මෙහෙයුම් සිදුකරන බව බේරුවල පොලිසිය කියයි.

මේ යාත්‍රාව ගමන් කළ සියලුම දෙනා බලපිටිය අහුන්ගල්ල දේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය කියයි



අදහස් (0)

අතුරුදන් වු ධීවරයෙකු සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site