IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුර හැටන් ඔයෙන් හමුවෙයි

(රංජිත් රාජපක්ෂ)       
                 
හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතුයායේදී අතුරුදන් වූ තිදරු මවකගේ සිරුර හැටන් ඔයේ තිබී අද(28) හමු වූ බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ හැටන් ස්ටැඩන් වතුයායේ පදිංචි පොන්නයියා තනපාක්යම් නැමති 79 හැවිරිදි තිදරු මවකි.
 
මෙම කාන්තාව ඉකුත් 21 දින සිට අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය සහ වතු කම්කරුවෝ ඇය පදිංචිව සිටින නිවස අසළ හැටන් ඔය පෙදෙස සෝදිසි කළහ. එහිදී වටවල ප්‍රදේශයේ හැටන් ඔයේ පාවෙමින් තිබූ සිරුරු සොයාගෙන තිබිණි.

කාන්තාවගේ සිරුර ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගත් බවත්, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් හැටන් පොලිසිය පවසයි.



අදහස් (0)

අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුර හැටන් ඔයෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14867 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site