
(අශෝක තිලකරත්න)
යාල වනරක්ෂිතයෙන් කපා ගත් අගිල් දැව තොගයක් අත් ට්‍රැක්ටර් දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔසුවින්නේ දී අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු එක් සැකකරුවෙකුගේ නිවස පිටුපස කැලයේ සඟවා තිබූ තවත් අගිල්දැව තොගයක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා අද (1) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුවඳ විලවුන් සහ හඳුන්කූරු නිෂ්පාදනය කිරීම සඳහා මෙම අගිල් ශාකය යොදා ගන්නා බැවින් යාල රක්ෂිතයේ මහා පරිමාණයෙන් මෙම දැව සංහාරය සිදුවන බවද වාර්තාවේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.