
(උපාලි රණවීර)
පවුලෙන් පවුලට පරම්පරාවෙන් පරම්පරාවට නෑ හිත මිතුරන්ට රටේ ඉහළ තනතුරු ලබා දෙමින් මෙතෙක් සිදුකරගෙන ගිය රාජ්‍ය පාලනයත් ගජ මිතුරන්ට සැලකීමත් වෙනුවට රට හදන ජනතාව නගා සිටුවන පාලනයක් සැප්තැම්බර් 2 1 දිනෙන් පසුව ආරම්භ වන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කිරිඳිවැල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී පැවසීය.
ජනතාව දුප්පත්කමෙන් බේරාගෙන ජනතාව බලා ගන්න ආණ්ඩුවක් මේ රටේ ආරම්භ වන්නේ ප්‍රථම වතාවට බවද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කීවේය.
මේ රටේ වත්මන් පාලකයෙන් රටේ දරු පරම්පරාව ගැන හිතුවේ නැහැ. ඔවුන්ගේ දරුවන් ගැන විතරයි හිතුවේ. අපි රටේ සියලුම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
රට පෝසත් කරන දරුවන්ගේ අනාගතය පෝෂණය කරන ආණ්ඩුවක් තමයි අපි පිහිටුවන්නේ ඇමතිවරු 25යි. රාජ්‍ය ඇමතිවරුන් නැහැ. රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු විෂය පිළිබඳ දැනුම තියෙන දක්ෂතාවය ඇති අවංක අයට ලබා දෙනවා.
රටට විශාල ආදායමක් ඉපැයීය හැකි සංචාරක ව්‍යාපාරය දියුණු වී නැහැ. රටට හොඳ නමක් තියෙනවා නම් සංචාරකයින් එනවා. රටේ නායකයන් අධිකරණයේදී වැරදියි කියලා කියනකොට වැරදි මතයක් ජාත්‍යන්තරයට යනවා. ජනාධිපතිවරු දඩ කනවා රටේ කීර්තිය නැතිවෙනවාමේ රටට ණය දෙන්නේ නෑ. ලංකාවේ ඒවා විකුණනවා ලාභ උපයනවා.බඩු පිටරටින් ගෙනල්ලා විකුණන තරමට තමා ඇමතිවරයාට ලාභ ලැබෙන්නේ.
ලබන විසි එකදායින් පසුව පිහිටුවන අලුත් රජයක් යටතේ නව ආර්ථික පරිවර්තනයකට රට ගෙන යනවා. සියලු දෙනා එකට එක්වී වැඩ කළොත් එම කාර්යය අමාරු වන්නේ නැතැයිද ඒ මහතා පැවසීය
මේ රටට විශාල ආදායමක් උපයාගත හැකි සංචාරක ව්‍යාපාරය මේ වන විට අඩාල වෙලා අපේ සංචාරක කර්මාන්ත සැලැස්ම අපි 26 දින ඉදිරිපත් කළා 2030 වෙනකොට ලක්ෂ හතලිහක සංචාරකයන්ගේ එන සැලසුම් හදා තිබෙනවා.රටේ ආර්ථිකයට ඩොලර් බිලියන අටක් නවයක් ඉපයීමට එමඟින් හැකි වෙනවා.
ව්‍යාපාර ආරම්භ කිරීමට ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉඩම් විශාල ගැටළුවක් වී තිබෙනවා එය රජය මගින් ලබා දෙනවා ආර්ථිකය හදන්න ඕනේ එහෙමයි. ආර්ථිකය හැදුනාම ඒකෙ මුදල් ආණ්ඩුවට ගලාගෙන එනවා. ආණ්ඩුව සේවා වර්ධනය කරනවා. ජීවත් වෙන්න බැරි අයට ආධාර මුදලක් දෙනවා.
අපේ අසල්වැසි රට ඉන්දියාව කර්මාන්ත හදනවා අපි කර්මාන්ත වහනවා. අපේ පේෂකර්ම සංස්ථාව පිඟන් සංස්ථාව වානේ සීනි ආදී කර්මාන්ත ගණනාවක් වසා දැමුවා. රැකියා විශාල සංඛ්‍යාවක් අහිමි වුණා. ඉන්දියාවේ භාණ්ඩ අපි ගන්නවා බයිසිකල් පදිනවා. බිත්තර ගන්නවා. හැමදේම පිටරටින් ගේනවා. බඩු ගෙනල්ලා විකුණන තරමට මැති ඇමතිවරුන්ට ලාබයි.
රටට වැදගත්වන මහා පරිමාණ ව්‍යාපෘතිවලින් ලැබෙන කොමිස් එක ගැන කඹ ඇදිලි නිසා මේ රටේ වැදගත් ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක වීම ප්‍රමාද වී තිබෙනවා කොමිස් නැති නිසා දේශීය කර්මාන්ත නගා සිටුවන්නේ නැහැ. කැප්තැම්බර් 21 දායෙන් පසුව අලුත් ආර්ථික ගමනකට රට පරිවර්තනය කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර සහ සජිත් දෙදෙනාම රටේ පුරවසියන්වෙත දහසක් පොරොන්දු ලබාදීමේදී එම පොරොන්දු ඉටුකිරීමට මුදල් සොයාගැනීම පිලිබදව කිසිදු අදහසක් නොමැත. සත්‍ය නොකියා පුරවැසියන් රැවටීමෙන් වලකින්න පොරොන්දු ඉටුකිරීමට මුදල් සොයාගැනීම නොහැකි උවහොත් යන්න ඔවුන් දෙදෙනා සහ දෙදෙනා වටා සිටිනා ආර්ථික විද්වතුන් නැවත නැවත සිතිය යුතු කාරණයකි. ඒ සේ නොමැති උවහොත් නන්දා මාලනිගේ මේ ගීතයේ තේරුම පිළිබදවත් අවධානය යොමුකරන්න. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා... ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැණුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුණත් එය වරදක් වේ පූජාසනයේ ඔබ හිඳුවා... කිරියෙන් පැණියෙන් උතුරා යන කළ ලොව ඔබ පාමුල හඬා වැටේ අත මිට හිඟ වී බෙල සුන් වන කළ ලොව ඔබ හිස මත කඩා වැටේ... පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා...
අනුර සහෝදරයා හරි... එයත් එක්ක ඉන්න අනිත් කෙනා හරි නෑ. ළමයින්ගේ අනාගතේ කන්න හදන්නේ...
සජිත් කියන්නේ කෘතහස්ථ පිරිසිදු සිංහල බෞද්ධ දේශපාලඥයෙක්, අනුර කියන මනුස්සයා හෝ එයාගේ දේශපාලන පක්ෂය මේ රටේ යහපත වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ... එයාලා කරලා තියෙන දේවල් ලියන්න පුලුවන් ඵලකරන්නේ නැති නිසා නැවත නැවත ලියන්නේ නැහැ. මේ රටේ ජනාධිපති වෙන්න පුලුවන් බුදුදහම ආරක්ෂාකොට පෝෂණය කරන කෙනෙකුට පමණයි, ආගම අබිං ලෙස සලකන කෙනෙක්, එහෙම නැතිනම් සියලුම ආගම් සමාන යැයි කියන කෙනෙකුට රජවෙන්න බැහැ. මිනිස්සු කොතරම් රව්ට්ටන්න උත්සාහ කලත් මේ උතුම් රට නිරතුරුවම ආරක්ෂා කරන සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු ඉන්නවානේ.
87-89 විදියට වෙන්න ඇති. ඒ කලේ මෙයාලා බස් ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බේ ජනතාවට තිබුණු අපරිමිත ස්නේහය නිසානේ.
අනේ අනුර, ගල් පැලෙන බොරු කියන්න එපා.
මේ ඉහලින් ඉන්න කට්ටිය. සුනාමි එකේ ඉපදිලා. සුරන්ගනා කතා අහපු කට්ටිය වෙන්න ඇති. මාලිමාව විතරද ජඩ වැඩ කෙරුවේ. ඔය හොර නඩේ අවුරුදු ගනන් පුටුවල ඔයිට වැඩිය අපරාද කරමින් මේ රටට ජනතාවට බොරුවට බයිලා කියනාව .නාකි නඩේ අද වෙනතුරු තවමත් හොරා කනවා. මුන්ට ඒවා පේන්නෙ නැහැ. ඇයි ඉතින් රටට ඕන දෙයක් වුන දෙන් හොරු ගෙනාවොත් මේ කට්ටියගේ බොක්ක නිකම්ම පිරෙනවා මහන්සි වෙන්න ඕන නැහැ . අනුරට අකමැති හොරු පගා කාරයෝ එහෙම කට්ටිය තමයි මේ. මොලයක් නැති මී හරක්