
(අංජුල මහික වීරරත්න )
රෑ වැටුණු වලේ දවල් වැටෙනවාද කියා තීරණය කරන්නට ජනපතිවරණයේදී ජනතාවට කදිම අවස්ථාවක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය ඇතුළු ජනපතිවරණ ජනරැලි පහක් අමතමින් පැවසීය.
බදු අඩු කරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දෙන සජිත‍්- අනුර යළි සූදානම් වන්නේ රට නැවත වලට ඇද දැමීමට බව කී ජනාධිපතිවරයා තමා ජනතා සහන දෙන්නේ රුපියල ශක්තිමත් කොට විධිමත් සැලැස්මකට අනුව බව සඳහන් කළේය.
අපනයන ආර්ථිකයක් ඇතිකළ පසුව බදු බර අඩු කරන්නට හැකි බව කී ජනාධිපතිවරයා ඒ හැර වෙනත් මාර්ගයක් නැතැයිද බොරු පොරොන්දු වලින් ආර්ථිකය දිනන්නට බැරි බව ජනතාව හොඳින්ම තේරුම් ගත යුතුව ඇතැයිද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් "පුළුවන් ශ්‍රී ලංකා" ජනරැලි පහක් පැවැත්විණි.
බණ්ඩාරවෙල,පොළොන්නරුව,ත්‍රිකුණාමලය, සමන්තුරේ සහ කාත්තන්කුඩිහි දී පැවති මෙම ජනරැලි සියල්ලකටම අති විශාල ජනකායක් සහභාගී වූහ.
එම ජනරැළි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
ආර්ථිකය ස්ථාවර කරමින් අප යන මේ මාර්ගය
තවදුරට ගෙන යා යුතුයි. අප අතහැරියොත් නැවත මේ රටේ ආර්ථිකය අත හැරෙනවා. අප තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා.ස්ථාවර බවක් ඇති කළ යුතුව තිබෙනවා.එමෙන්ම අපනයන ආර්ථිකයකට යා යුතුව තිබෙනවා. අප සහන දී තිබෙන්නේත් ජනතාව ජීවත් වන්නේත් මූල්‍ය අරමුදල සමග ගත් පියවර නිසයි.ඒ පියවර ආරක්ෂා කරනවාද? නැද්ද? කියා අප තීරණය කළ යුතුයි.
රට දියුණු කිරීම සඳහා මගේ පරමාර්ථ පහක් තිබෙනවා.ජීවන බර සැහැල්ලු කිරීම,රැකියා බිහි කිරීම,බදු බර සැහැල්ලු කිරීම මෙන්ම ආර්ථික පරිවර්තනයක් කොට අපනයන ආර්ථිකයක් ඇති කිරීම සහ අස්වැසුම සහ උරුමය වැඩසටහන් ආරක්ෂා කිරීම එම පරමාර්ථ පහයි.
මම රට බාර ගන්නා විට තිබූ බඩු මිල තුනෙන් එකක් අද අඩුවී තිබෙනවා.එනිසා දැනට සහනයක් ලැබී තිබෙනවා.සහනය තවදුරට ගෙනයා යුතුයි. මා මෙයින් පමණක් සෑහීමකට පත්වන්නේ නැහැ .අප ක්‍රමානුකූලව ඒ සහනය ලබාදිය යුතුව තිබෙනවා.
මම බඩු මිල කෘත්‍රිමව අඩු කළේ නැහැ. සහනාධාර දුන්නේ නැහැ. මා කළේ රුපියල් ශක්තිමත් කිරීමයි.ඒ අනුව අප දළ ජාතික ආදායම වැඩි වුණා .ඒ අනුව අස්වැසුම දෙන්න හැකි වුණා. නොමිලේ සහල් දුන්නා.එමෙන්ම බඩු මිලත් ටිකෙන් ටික අඩු කළා.
රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නට අප කටයුතු කළා .එමෙන්ම ඉදිරියේදී බඩු මිල තවත් අඩු කරන්නට පුළුවන්.අනුර සහ සජිත් කියන්නේ කුමක්ද?බදු අඩු කරන බව කියනවා.
අප මෙතනට වැටුනේ ගෝඨාභය විචාරයකින් තොරව බදු අඩු කළ නිසයි. එලෙස බදු අඩු කළොත් අපට අයි.එම්.එෆ් සහනය ලැබෙන්නේ නැහැ .ඔවුන් කියන්නේ රටේ ආදායම වැඩි කරන ලෙසයි.
අප කළ යුතු එකම දෙය රුපියල ශක්තිමත් කිරීමයි. එය නොකළොත් කිසිම දියුණුවක් ඇතිවන්නේ නැහැ.
අප අපනයන ආර්ථිකයක් ඇති කළොත් තායිලන්තයෙන් සිංගප්පූරුව වගේ විදෙස් රටවලින් ආදායම එනවා.එවිට බදු බර අඩු කරන්න පුළුවන් . වෙන මාර්ගයක් නැහැ.
බොරු පොරොන්දු ලබාදී ආර්ථිකය දිනන්න බෑ. ආර්ථිකය නග්ගන්න බෑ. එය හොඳින් අවධාරණය කළ යුතුයි.
අප හැමදෙනාටම ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. උරුමය ලබාදී තිබෙනවා.ඉඩම් බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබා දෙනවා.ඊළඟ වසර තුනේදී ඉතිරි ලක්ෂ 19 කටත් සින්නක්කර ඔප්පු ලබාදෙනවා.
දැන් අප අස්වැසුම දැන් ලබා දෙනවා. තව ලක්ෂ පහකට ඉදිරියේදී දෙන්න යනවා. එම ප්‍රමාණය තව තවත් වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා.
අඩු ආදායම් ලාභීන් සියයට විසිපහේ සිට සියයට 10 දක්වා අඩු කිරීම අපේ සැලසුමයි.
එමෙන්ම අප ලබන වසරේදී රැකියා මෙන්ම ස්වයං රැකියා ලක්ෂයක් ලබාදීමට කටයුතු කරනවා. අනුර දිසානායකට හෝ සජිත්ට මේ වගේ යෝජනා නැහැ.දැනට පුහුණුව ලබා දෙන අයට අමතරව තවත් පනස්දාහකට රැකියා පුහුණුව ලබන්න මුදල් දෙනවා.තරුණ තරුණියන්ට මෙලෙස රැකියා හා ආදායම් ලබා දෙන්නේ පළමු වරටයි.
අප අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුව තිබෙනවා .පළමුවැන්න කෘෂිකර්ම නවීකරණයයි.වී වගාව හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් හතක් ලබා ගැනීමට අප ආධාර උපකාර කරනවා. එමෙන්ම අප ධීවර කර්මාන්තයේ දියුණුවටත් සහනාධාර ලබා දිය යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කර සංචාරකයන් ලක්ෂ 25 සිට ලක්ෂ පනහ දක්වා වැඩි කරනවා.නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරක කලාපයක් ඇති කරනවා.
ආසියාවේ ලොකුම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමලය වරාය කිසිම ආණ්ඩුවකින් දියුණු කළේ නැහැ.ඉන්දීය ආණ්ඩුව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කරන වැඩසටහන අරඹනවා.
අප තෙල් ටැංකි ටික අරගත්තා. සපුගස් කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගේනවා.එවිට බලශක්ති මධ්‍යස්ථානයක් මෙහි බිහිවෙනවා.සාම්පූර් වල සූර්ය බල ශක්තිය තිබෙනවා.පුල්මුඩේ සිට ඛනිජ වැලි මෙහාට ගේනවා. එවැනි කැපී පෙනෙන දියුණුවක් අප ඇතිකරනවා.
එමෙන්ම අප හිඟුරක්ගොඩ ගුවන් තොටුපල දියුණු කරනවා.සේරුවිල විහාරය තවත් දියුණු කරන්නට අප ආධාර උපකාර කරනවා.සේරුවිල විහාරයට අමතරව කෝනේෂ්වරන් කෝවිල මෙහි තිබෙනවා.එය පැරණි කෝවිලක්.එය දක්ෂිණ කෛලාස් ලෙස හින්දු භක්තිකයන් හඳුන්වනවා.එහි ගෝකුළම් මධ්‍යස්ථානයක් ඉදි කරන්නට කටයුතු කරනවා.
ත්‍රිකුණාමලයේ දියුණු කළ යුතු බව සම්බන්ධ මැතිතුමා නිතරම මා සමග කිව්වා. මා ඒ පොරොන්දුව ඉටු කරනවා. එමෙන්ම සිවිල් ආරක්ෂකයන්ගේ ප්‍රශ්න ටිකත් අප විසඳනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වැටිලා ඉන්න වලෙන් නැගිටින්නත් මේක කදිම අවස්ථාවක්. අනුර සජිත් දෙන්නාටම තාම අවස්තාවක් ලැබිලා නැති නිසා අපි දන්නේ නෑ ඒ අය වලේ දමාවිද නැද්ද කියලා. සජිත් ගාව නම් අඩු ගානේ ඔබේ යහපාලනය කාලේ රටවලට දමාපු එවුන් කට්ටියක් ඉන්නවා. අනුරලා නම් දැන් වමෙන් ටිකක් මැදට හරවලා ඉන්නේ දකුණ බලාගෙන. බය තියෙන්නේ ලාල් කාන්ත කියන දේ ගැනයි. ඔබතුමා ගාව තමා රට වලට දාන්න මුල්වුණු සෙට් එකේ වැඩිම හරිය ඉන්නේ. පොහොට්ටුවේ වත් දැන් එහෙම කාලකන්නි ගොඩක් නැහැ. ඒ නිසා අලියා මාක් සිලින්ඩරේ හොරු ගැන තමයි මේක කදිම අවස්ථාව වෙන්නේ. මහ බැන්කුව, සබිතාගේ කෘෂිකර්ම බිල්ඩිම, කැරම් බෝඩ් සහ පොහොර, සතොස, සලුසල, නැව් සහ කල් ඉකුත්වූ බෙහෙත් හමුදාවට සැපයීම, මෝදර ධීවර වරාය, සුදුලූනු වන්චාව, වැඩිකල විදුලි බිල්, කොරෝනා කාලේ වැක්සින් එකේ පෝලිම පැනීමට මුදල් ගැනිම්. ආ කප්පම් ඉල්ලලා උසාවියෙන් දඬුවම් ලැබීම් සහ අමාත්‍යාංශ නිලධාරිනියන් සමග අනවශ්‍ය රාජකාරි කර ගෙදරට හසුවීම්, මාල කඩා ගැනීම් ...ගෝඨාභයගේ නඩු කතාකිරීමේ පිනෙන් පර්ලිමෙන්තු ඒම.. මගේ අම්මෝ මේව ලියන්න පත්තරයක් මදී.. අයියො බෑ. ඔය හොඳටම ඇති. මේ කදිම මතක් කරදීම ගැන ඔබතුමාට ස්තුතියි...!
ගෙදර යන්න ලෑස්ති වෙන්න . තව දවස් 21 යි.
නැහැ... ඒ නිසයි මෙවර වෙන කෙනෙක්ව තෝරාපත් කරගන්නේ...
මුළු ලෝකයෙන්ම ණය අරගන්නේ නැතිව රට පාලනය කරන්න බැරි ජනාධිපති කමෙන් ඇති ඵලය කුමක්ද?
අවුරුදු 47ක් දේශපාලනේ කරලා පස් වතාවක් අගමැති වෙලා කියපු කරපු දේවල් අපි නොදන්නවා නෙවෙයි. ජනතාව වලට වැටිලා ඉවරයි. දූෂිත දේශපාලුවන් තුරන් වූ දාට ගොඩ එන්න පුළුවන් වෙයි...
ඔව් ඔව්.. අවුරුදු 76 ක්ම වැටුණු වලේ අපි ආයේ වැටෙන්නේ නැහැ !!! රනිල් ඔයාගේ ඔය ලුණු, ගොරකා මදි මේ රටේ මිනිස්සුන්ව තම්බන්න. "ෂටප් ඇන්ඩ් සිට්ඩවුන්" පාලකයෝ අපිට එපා !!! රනිල් ඔයාට ජනාධිපතිකම නොවෙයි ගම්සභා ඡන්දෙකින්වත් දිනන්න බැහැ. # මාලිමාවට ඡන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!!
වසර 75ක් තිස්සේ නුඔලා පෙන්නපු පාරේ මහදවාලේ ගිහින් වළවල්වලට වැටුණු එක තමයි වුණේ... මෙදා පාර අපි වළවල්වල වැටෙන්නේ නැහැ. යන්න ඕන පාර අපිට දැන් හොඳටම වැටහිලා තියෙන්නේ...
කවුරු මොන බයිලා ගැහුවත් රට ආර්ථික අර්බුදයෙන් බේරාගත්තේ රනිල්... අනික් දෙන්නගේ කයිය විතරයි. ඔවුන්ට කඩේ යන එකාලාත් ඒ වගේමයි...
රනිල් තමා රට විනාස කරේ.... ආයෙ ඡන්ද දෙන්න එපා කියලා. ඒක හරි අපි දෙන්නේ නෑ....
මෙහෙමනේ ජනාධිපතිතුමා අපි නිදහස ගත්තාට පස්සෙ කාට කාටත් ඕනෑකම තිබුනෙ රටේ නායකයො වෙන්න මිස රටේ සංවර්ධනය නොවෙයිනේ කිසිවෙකුට දොස් කියනවා නොවෙයි ඒක වුනේ කිසිම ඉදිරි දැක්මක් නැති මිනිස්සු නිසා කියලා හිතෙනවා නැත්නම් සුද්දා හදපු තෙල් ටැංකි 100 අපිට සංවර්ධනය කරන්න තිබුනා ඔය අතරේ ලංකාවෙ හදපු අත් ට්‍රැක්ටරය නිෂ්පාදනය කරන්න දුන්නෙ නැහැ රේ මහත්තෙයා සැහැල්ලු ගුවන් යානයක් හැදුවා කරන්න දුන්නෙ නැහැ
ඔයා අවුරුදු කීයක් ඔය වාක්‍ය කියලා UNP එකත් නැති කරලා!! බලයට ආශාව නිසා කරන සෙල්ලම් තේරෙනවා. අපි නැවතත් රැවටිය යුතුද? නැත.... මාලිමාව ට ජය...
නෑ ඒ වලේ වැටෙන්නේ නෑමයි. ඒකනේ අපි වැනි කෙනෙක්ව ජනාධිපති කරන්න යන්නේ...?
රනිල් ණය ගත්තලු හොරකම් කලාලු. කියන්න ලේසියි ඒත් කිසි දිනෙක ඕවා ඔප්පු කරන්න නම් බෑ. මේ බංකොලොත් රටට කවුද ණය දුන්නේ දීපු ණය ආපහු ඉල්ලුවා මිසක්. ණය ගෙවිම පස්සට දා ගත්ත බව වත් නොදන්න නූගත් ජෙප්පෝ ඔහේ කියවනවා. මේ මනුස්සයා නොහිටින්න අද මේ රට මිහිපිට අපායක්.