(නිමල කොඩිතුවක්කු)
කාබනික පොහොර නිෂ්පාදනය කළ නොහැකි ගොවීන්ට තම ගොවිපළ තුළ එකතු වන සත්ත්ව පොහොර තම කොට්ඨාසයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී එමඟින් අමතර ආදායමක් උපයා ගත හැකි ක්‍රම වේදයක් සකස් කර ඇතැයි පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.
ඒ අනුව තම ගොවිපලේ එක් වන ගොම පොහොර , එලු පොහොර , කුකුල් පොහොර ළඟම කොට්ඨාස පශු වෛද්‍ය කාර්යාලය හරහා පශු වෛද්‍ය නිලධාරීන් ගේ හා ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අදාල නිෂ්පාදකයන් වෙත අලෙවි කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සදහා ගොවිපොළ හිමියන්ට දෛනිකව හෝ මාසිකව ලබා දිය හැකි සත්ත්ව පොහොර ප්‍රමාණයන් පිලිබදව අදාල කොට්ටාස පශු වෛද්‍ය නිලධාරීන්ව කඩිනමින් දැනුවත් කරන ලෙසත් ඔහු දැනුම් දෙනු ලැබීය.
එමඟින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාවට මෙම අපද්‍රව්‍ය ලබා ගෙන රටේ කාබනික පොහොර අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරා ගත හැකි බවත් ඔහු පැවසීය.
ගව, කුකුල්, සූකර, එළු සහ බැටළු පාලනයේ නිරත සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ගොවිපළ තුලින් ලැබෙන සත්ත්ව අතුරු ඵල මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කර අමතර ආදායමක්ද ලබා ගත හැකි බවත් ඔහු කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සත්ත්ව පොහොර අලෙවියට මඟක්