IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ශ්‍රී ලනිපය මෙරට ගමන්මග වෙනස් කළ පක්ෂයක්

(*** දෙහිවල එච්.එම්. ධර්මපාල)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ගමන් මග සම්පූර්ණයෙන් වෙනස් කළ පක්‍ෂයක් යැයි බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පෙරේදා (2) පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පෙරේදා (2) පැවති බෝධි පූජා පිංකමේදී විශේෂ අනුශාසනාවක් කරමිනි.

 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බෝධි පූජා පිංකම පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ මෙසේ ද සඳහන් කළහ.

අද සමහර අය චෝදනා කරනවා අප රටට නිදහස ලැබිලා වසර 72 ක් ගත වෙලත් මෙතෙක් සිටි රජයන් කිසිවක් කරලා නෑ කියලා.මෙය සමහර අයගේ සිත්වල තිබූ අකමැත්ත වගේම සූළු දේවල්  නිසා ඇතිවුණ අමනාපය නිසා කීවත් මේ කාලය තුළ විශාල සේවාවක් මේ රටට වෙලා තියෙනවා.

අතීතයේ මේ රට බටහිර බලවේග විසින් විටින් විට පාලනය කරනු ලැබුවා. මුලින් පෘතුගීසීන්ද, පසුව ලන්දේසීන්ද වන අතර ඉංග්‍රීසීන්ද මෙරට වෙරළබඩ පමණක් පාලනය කළා. පසුකාලීනව ඉංග්‍රීසීන් මුළු ලංකාවම පාලනය කළා. මොවුන් ඉතාමත් උපක්‍රමශීලී ජාතියක්.

මේ අය පාලනය කළ රටවල් නිදහස ලබාදෙනවා කියා අතහැර ගියත්. ඒ අයගේ සිත්වල සැඟවුණ අදහස් තිබුණා. ඒ අනුව ඒ රටේ ජාතිය  පූර්ණ නිදහස භුක්ති විඳිමින් ඒ රට නගාසිටුවලා ස්වාධීන ජාතියක් ලෙස නැගී සිටිනවාට ඔවුන් කැමති වුණේ නෑ .බ්‍රිතාන්‍යයන්  පමණක් නොව මේ රටවල් පාලනය කළ අයගේත් සිත්වල මේ අදහස තිබුණා.

වියට්නාමය  පාලනය කළ අය ඒ රටෙන් ගියේ ඒ රට කෑලිවලට කඩලා ජනතාව බේදබින්න කරලායි. මෑත කාලයේ හොංකොං රට බ්‍රිතාන්‍යයන් වසර 99 ක බදු ක්‍රමයකට පාලනය කළා. ඒත් අකමැත්තෙන් රට අතහැර ගියේ චීනයට එම රට බාරදිය යුතුම නිසයි. ඒ වනවිටත් චීනය බලවත් රටක්ද වුණ නිසා නොදී බැරිකමටයි දුන්නේ. මේ නිසා අදටත් හොංකොං රටේ ජනතාව තුළ බේද ඇති කරමින් රටේ දියුණුව ඇතිකර ගන්නම දෙන්නේ නෑ.

අද මැද පෙරදිගත් රටේ එකම ජාතීන් කොටවලා ඔවුන්ගේ වුවමනාවන් ඉටුකර ගන්න හදනවා. අප රටටත් 1948 නිදහස දීලා ගියාට නියම නිදහසක් දුන්නා කියලා කියන්න බෑ. ඔවුන්ගේ හමුදා ස්ථාන කීපයක කඳවුරුගත කරලා ගියා.

ඉංග්‍රීසීන් එදා මේ රට බාරදීලා ගියේ බටහිරට තවදුරටත් නතුවන ලෙසට හා පක්ෂපාතීව ඒ අයට ඕනෑ හැටියට මේ රට පාලනය කරයි කියන විශ්වාසය මතයි. අදටත් බටහිර රටවලට ඕනේ හැටියට ඉංග්‍රීසීන්ට කෘතඥ වෙමින් කල්පනා කරනවා තවත් මේ රට ගෙනියන්න ඕනේ  ඔවුන් කියන විෂබීජය අප රටේ හුග දෙනෙක් අතර ක්‍රියාත්මක වෙනවා.  

මේ ක්‍රමයන්ට පහරදීලා බටහිර රටවලින් මිදිලා මේ රට පාලනය කරන ක්‍රමය වෙනස් කිරීමට මුලින්ම වැදගත්ම කාර්යය  සිද්ධ කළේ එදා බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.  එහි ආරම්භයේ දී බණ්ඩාරනායක මහතා දැඩි බටහිර විරෝධී ලෙස කටයුතු කළා.
  ඒ අනුව මේ රටේ ජනතාවට ගැළපෙන, සංස්කෘතියට ගැළපෙන, බෞද්ධ සමාජයට ගැළපෙන රාජ්‍ය පාලනයක් ඇති කළ යුතුය යන්න එතුමා අවබෝධ කරගෙන එදා රට පාලනය කළ රජයෙන් එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූවා. ඒ සඳහා එච්. ශ්‍රී නිශ්ශංක  මහතාත් බණ්ඩාරනායක මහතාට සහාය ලබා දුන්නා. ඒ නිසාම 1956 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක්ද පිහිට වූවා. මේ සඳහා පිලිප් ගුණවර්ධන, ඩී.ඒ. රාජපක්ෂ යන අයත් විශාල සහායක් එතුමාට ලබා දුන්නා.

මෙතුමාගෙන් පසු  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතිකරගත් විදේශීය සබඳතා මත අදටත් ඒ ප්‍රතිඵල ලැබෙනවා. පසුගිය කාලයේ පැවැති යුදමය තත්ත්වයේදී වුවත් චීන රජයේ උපකාර ලැබුණා. ඒ අනුව මෙරට කර්මාන්ත විප්ලවයක් අරඹා දේශීය නිෂ්පාදනයට තැන දෙන්න පටන් ගත්තා.  ඒ අනුව රෙදි හා රබර් කර්මාන්තය තරමකට දියුණුවක්ද ලබා තිබෙනවා.

 මේ තත්ත්වය යටතේ අද සිංගප්පූරුව හොඳ  දියුණුවකට පැමිණ තිබෙනවා. එයට මූලික සාධකයන් වී ඇත්තේ එරට ජාතික සමගිය, ආගමික සහජීවනය, සහෝදරත්වයෙන් කටයුතු  කිරීමයි. මේ අයුරු අප රටත් ජාතික සමගිය මුල්කරගන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස  ඉදිරියට යායුතුයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

අප පක්‍ෂයේ 69 වන සංවත්සර පින්කම බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වීම සතුටට කරුණක්. පක්ෂයේ ඉතිහාසය ගත්විට මේ රට සංවර්ධනය කිරීමට කටයුතු කළ ප්‍රධාන පක්ෂය ශ්‍රීලනිපයයි.

  බණ්ඩාරනායක  මහතාගෙන් පසු පක්ෂය බාරගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද පසුව මහින්ද රාජපක්ෂ  මහතාද සුවිශාල සේවාවක් කරනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 14 ක් ජයගන්න ලැබුණා. විශේෂයෙන් යාපනය දෙමළ ජනතා ඡන්දයෙන් එක් මන්ත්‍රීවරයෙක් පත්වීම විශේෂ සිදුවීමක් ද වනවා.

ඒ අනුව පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් ඉදිරියට යහපත් රටක් යහපත් අනාගතයක් නිර්මාණය කරමින් අනාගත දූ දරුවන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කීරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයෝ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
දිවුල්පිටිය ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඕකන්දයායේ බුද්ධසිරි  හිමි, කොළඹ හැව්ලොක් සිටි සාම විහාරාධිපති අතපත්තුකන්දේ ආනන්ද හිමි, බෙල්ලන්විල රාජමහා විහාරාවාසී ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ ප්‍රේමරතන හිමි ඇතුළු සංඝරත්නයද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.  

 



අදහස් (0)

ශ්‍රී ලනිපය මෙරට ගමන්මග වෙනස් කළ පක්ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15593 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site