(නිමල කොඩිතුවක්කු)
රට තුළ මතුව ඇති ව්‍යසනකාරී තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වෙමින් සිටියදී විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක‍්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙසට සහ තවත් යෝජනා කිහිපයක් සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
විදේශීය ඔත්තු සේවා වලට රට තුළට පැමිණ මෙම ගැටලූව තවදුරටත් අවුල් කිරීමට ඉඩදීම බලවත් දේශපාලන වරදක් බවත් පෙන්වාදුන් වීරවංශ මහතා එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි ක‍්‍රියාවක් බවත් සඳහන් කරයි.
ඔත්තු සේවා නිලධාරින් ප‍්‍රමුඛ ආරක්ෂක හමුදාවලට ස්වාධීනව තම රාජකාරී කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම සේනාධි නායකයා වශයෙන් ජනාධිපතිවරයාගේ වගකීම බවත් දේශපාලන බලපෑම් නිසා විමර්ශන වලට බාධා එල්ල වීම පිළිබඳව ප‍්‍රබල මහජන විරෝධයක් ගොඩ නැගී ඇති බවත් ඔහු කියා සිටියේය.
මෙමම ත‍්‍රස්ත ක‍්‍රියාවලට සෘජුව සහ වක‍්‍රව උදව් කර ඇති බවට චෝදනා එල්ල වන පිරිස් රජයේ ඇමැතිවරුන්ද, ආණ්ඩුකාරවරුන් ද එසේ නොමැති නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද යන්න සම්බන්ධයෙන් සැළකිල්ලට නොගෙන වහා අත්අඩංගුවට ගැනීම මහජනතාවගේ පිළිගැනීම බවද එම ලිපිය මගින් සඳහන් කර ඇත.
එමෙන්ම එක් ජනකොටසකට හෝ ආගමකට විශේෂිත පාසල් හෝ විශ්ව විද්‍යාල පවත්වාගෙන යාම බලවත් වරදක් බවත් පෙන්වා දුන් වීරවංශ මහතා එවනි පාසල් රජයට පවරා ගෙන විධිමත් අධීක්ෂණයක් යටතේ ඒවා පවත්වා ගෙන යා යුතු බවටද යෝජනා කර ඇත.
එමෙන්ම ජනකොටස් අතර දීර්ඝකාලීනව ආගමික සංහිඳියාව පවත්වාගෙන යාම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද විමල් වීරවංශ මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘විදේශීය ඔත්තු සේවාවන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා’