IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


’ඕනෑම විරෝධතාවක් පෙළපාළියක් තියන්න කිසිදු තහංචියක් නෑ’

රජයේ ගමන වළක්වන්න කිසිවෙකුටත් බෑ

(සුජිත් හේවාජුලිගේ)

කවුරු පාරේ ලැග්ගත් බොරු බේගල් ඇදබෑවත් ජනතාවට වැරැුදි චිත‍්‍ර මැව්වත් රජයේ ගමන නැවැත්වීමට කිසිදු විරෝධතාකරුවකුට නොහැකි යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඕනෑම විරෝධතාවක්  ඕනෑම පෙළපාළියක් පැවැත්වීමට ජනතාවට පූර්ණ නිදහස දී ඇතැයි කී ජනාධිපතිවරයා කුමන බාධා ආවත් ආපස්ස බලන්නේ රට තුළ 2020 දී ලොකු ආර්ථික නැම්මක් ඇති කර බවද ප‍්‍රකාශ කළේය.
පසුගිය කාලයේ ආහාර, නිවාස, සෞඛ්‍ය යනාදී පොදු මහජන අවශ්‍යතාවලට ප‍්‍රමුඛත්වය නොදී පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍රවලට වැඩ කිරීමෙන් ලොකු අවුලක් ඇතිවුණු බවද ඔහු කීය.


ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොලොන්නාව සාලමුල්ලේ ලක්සඳ සෙවණ මහල් නිවාස යෝජනා ක‍්‍රමය (දෙවැනි අදියර) විවෘත කිරීමේ උත්සවයේදීය.
ජපානයේ ජැයිකා ආධාර රුපියල් කෝටි 138 ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරුණු මෙම නිවාස යෝජනා ක‍්‍රමයේ පවුල් 396 කට අයත් 1500 දෙනකුට පදිංචිවීමට අවස්ථාව සැලසෙන බව කියති.
කැලණිය පාලම ආශ‍්‍රිතව ජීවත්වූ ජනතාව වෙනුවෙන් මෙම නිවාස යෝජනා ක‍්‍රමය වෙන් කරදෙනු ලැබ ඇත.
ජනාධිපතිවරයා නිවාස යෝජනා ක‍්‍රමය විවෘත කිරීමෙන් පසුව උත්සව සභාවේ කටයුතු ඇරඹිණ.
නිවාසලාභීන්ට නිවෙස්වල යතුරු ප‍්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදුවිය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.
මානව ශිෂ්ටාචාරය ඇරඹුණේ ගංගා නිම්න ආශ‍්‍රිතවයි. ලෝකය පුරා මහා ශිෂ්ටාචාර ඇරඹුණේ ඒ විදියටයි. මිනිස් ශිෂ්ටාචාරයෙන් ගංගාව ඉවත් කරන්න බැහැ. එය ඒ තරමටම බැඳී පවතිනවා. කැලණි ගඟ ආශ‍්‍රිත දුප්පත් ජනතාවගේ ප‍්‍රශ්නය අද ඊයේ ඇතිවුණු එකක් නොවෙයි. බලයට පත්වූ සෑම රජයක්ම මේ ජනතාව වෙනුවෙන් විවිධ දේ කළා. සමහර ඒවා සාර්ථක වුණා. සමහර ඒවා අසාර්ථක වුණා. මේ ජනතාවගේ ජීවන තත්ත්වය වෙනස් කිරීමට අපේ මේ ඇමැතිවරු අද කැපවී සිටිනවා.
 ඕනෑම රජයක් ආහාර, නිවාස, සෞඛ්‍ය සඳහා ප‍්‍රමුඛත්වය දිය යුතුයි. නමුත් සමහරුන් මේවාට ප‍්‍රමුඛත්වය නොදී දේශපාලන වුවමනාව මත පසුගිය කාලයේ කටයුතු කළ බව අපි දන්නවා.
රටක ගොඩනැගිලි අනෙකුත් භෞතික දේවල් ලස්සන වුණත් වැඩක් නැහැ මිනිසුන්ගේ ජීවිත සුන්දර නැතිනම්, මේ රඟ දක්වපු දරුවන්ගේ ජීවිත සුන්දර නැති නම්. ජීවිතවල සුන්දරත්වය නැතිව භෞතික දේවල්වල සුන්දරත්වය තිබී වැඩක් නැහැ. මේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීම අපේ එකම අපේක්ෂාවයි. මේ කටයුතුවලට අප රජයක් විදියට අප ඉහළම ප‍්‍රමුඛත්වය දෙනවා.


මේ නිවාස ව්‍යාපෘතිය මුදල් නැතිව ඇනහිටලා තිබුණා. අප ඒ මුදල් හොයාගෙන වැඩ කටයුතු කළා. අද ඇමැතිවරුන් ජනතාව ජීවත් වෙන තැන්වලට යන්න  ඕනෑ. පාඨලී කරන මේ වැඩ කටයුතු මා අගය කරනවා. අද කොළඹ විතරක් නොවෙයි රටේ සියලූ නගර සංවර්ධනය වෙනවා. සියලූ ක්ෂේත‍්‍ර ඉලක්ක කර ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා. වාරි ක්ෂේත‍්‍රයේත් ලොකු වැඩ කොටසක් වෙනවා. මොරගහකන්ද ක‍්‍රියාත්මක කළා. කුඩා වැව් ප‍්‍රතිසංස්කරණය වෙනවා. ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා. මහකනදරාවේ සිට ඉරණවිල දක්වා ජලය ගෙනයන වැඩපිළිවෙළ අප අද සාකච්ඡා කළා.


ජපාන රජය අපට දෙන ආධාර උපකාර වැඩි කරලා තියෙනවා. ඒ ගැන ඒ රජයට ස්තුතිය පුද කරනවා. වැව් හදන්න ලෝක බැංකුව මුදල් දුන්නා. ආසියානු බැංකුව, සෞදි අරමුදල උදව් කරනවා. ආණ්ඩු විවේචනය කරන අයට විවේචන කරන්න පුළුවන්. පෙළපාළි යන්න පුළුවන්. ඒ අයට ඒ නිදහස තියෙනවා. නමුත් අපි අපේ වැඩ කොටස කරනවා. 2020 වන විට රට තුළ අලූත් ආර්ථික නැම්මක් ඇති කරනවා. විරෝධතා ඉදිරිපත් කරන සමහරුන් ජනතාව නොමග යවන වැරදි චිත‍්‍ර ඇති කරන දේ කරනවා. මාධ්‍යයත් බලන්නේ මේවා ඉස්මතු කරන්නයි. මොකද මාධ්‍ය ජනප‍්‍රිය වෙන්නේ එතකොටයි.
අපි කොළඹ නගරයේ ලස්සන බලාපොරොත්තු වන්නේ ගොඩනැගිලි, උයන්වලින් නොවෙයි. ජීවිත සුන්දර කිරීමෙනුයි. ශ්‍රී ලංකාව ලෝකය තුළ ප‍්‍රබුද්ධ රටක් කිරීමට කැපවෙනවා.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
කැලණිය පාලම යට හිටපු දුප්පත් ජනතාවට මෙතෙක් යන්න තැනක් තිබුණේ නැහැ. ඒ අයට නිවාස හදල දුන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. අපි ඒ අයට මුදල් දුන්නා. අපට දුන් ආධාර ගැන ජපාන රජයට ස්තුතිවන්ත වෙනවා. නිවාස පමණක් නොවෙයි අපි මේ අයට මාර්ග ටිකක් හදල දෙනවා. මාත් පාඨලී ඇමැතිතුමාත් සහයෝගයෙන් වැඩ කරන බවට පසුගියදා ගිවිසගත්තා. දැන් සහයෝගයෙන් වැඩ කරනවා.


මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:
කැලණි පාලම ආශ‍්‍රිත ජනතාව නිවැරැදි ජීවන රටාවකට ගැනීමට අපට හැකිවුණා. ජයිකා ආධාරය අපට මේ සඳහා ලොකු ශක්තියක් වුණා. සමහරු වැරැදි ආරංචි පැතිරවීමෙන් කැලණි පාලම ව්‍යාපෘතිය පමාවුණා. ඊනියා රතු විරෝධතාකරුවන් නිසා ඒ ප‍්‍රමාදය ඇතිවුණා. මේ නිසා ලොකු පාඩුවක් වුණා. නිවාස 68,000 ක ව්‍යාපෘතියක් ගිය රජය ඇරඹුවා. ඒ ගැන ඒ රජයට ස්තුතිවන්ත වෙනවා. නාගරික පැල්පත්වාසීන්ට ඒ කිසිදු අනුග‍්‍රහයක් ලැබිලා නැහැ. උතුරේ අයට වතුකරේ අයට ඒ අනුග‍්‍රහය හැමවිටම ලැබුණා.
කැලණි පාලම යට ටෙලිනාට්‍ය හැදුණා. නාට්‍ය හැදුණා නොයෙකුත් නිර්මාණ බිහිවුණා. එහෙත් ඒ අයගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට කවුරුත් කටයුතු කළේ නැහැ.
අපි දුෂණයෙන් තොරව, කප්පම් ගැනීමෙන් තොරව විනිවිදභාවයෙන් යුතුව අද කටයුතු කරනවා. අද කප්පම් ගෙවීමකින් තොරව ගොඩනැගිලි බලපත‍්‍ර ගත හැකියි. කැලණි ගඟ ධනය උපයන තැනක් බවට පත්විය යුතුයි. එහෙත් අද එය රටේ දුෂිතම තැන බවට පත්වෙලා. එය තවදුරටත් කුණු හෙළන ගඳ ගහන තැනක් නොවිය යුතුයි. මාර්ග පද්ධතිය හැදුණම මේ ප‍්‍රදේශය තුළ විප්ලවීය වෙනසක් ඇතිවේවි.
වරාය හා වරාය සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, බස්නාහිර හා මහ නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

’ඕනෑම විරෝධතාවක් පෙළපාළියක් තියන්න කිසිදු තහංචියක් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 12 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site