IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අපි ඉල්ලන්නේ ජනවරමක් ඇති ආණ්ඩුවක් හදන්න අවස්ථාව දෙන්න කියලා

සමගි ජනබලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී

රටේ කාලීන දේශපාලන මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාකි.


ප්‍රශ්නය:- අය වැය ලබන 13 වැනිදා පාර්ලිමේන්තුවට එනවා මොකක් වෙයිද?


පිළිතුර:- ආණ්ඩුව හදන්නේ බදු වැඩි කරන්න. ඒ හරහා ජනතාව තව තවත් පීඩාවට පත්කරන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ කියලා ආරංචියක් තියෙනවා. නමුත් ජනතාවට තොග පිටින් සහන දිය යුතු මොහොතක් මේක.


ප්‍රශ්නය:- එහෙම සහනයක් දෙන්න පුළුවන් ආර්ථිකයක් රටේ තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?


පිළිතුර:- ජනාධිපතිතුමත් ආණ්ඩුවේ අයත් දැන් කියනවනේ තිබුණට වඩා රටේ ආර්ථිකය හදලා කියලා. තිබ්බට වඩා ආර්ථිකය හදලා තියෙනව නම් සහන දෙන්න එපැයි.

ජනතාවට සහන දෙන්න නම් දූෂණය නැ ති කරන්න ඕනැ. නමුත් ආණ්ඩුවේ අය තවමත් හොරකම් කරනවා.


 ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයකට ගිහින් නෑ. විදුලි බිල වැඩි කරනවා. කර්මාන්ත හිමිකරුවන් කර්මාන්ත වහලදාල රට යනවා. සුළු හා මධ්‍යම කර්මාන්ත කඩා වැටිලා. නමුත් ආණ්ඩුව මේවට මුකුත් කරන්නේ නෑ. ඒ වෙනුවට සියලු බර ජනතාවගේ කර මත පටවලා තියෙන්නේ. මාධ්‍ය සංදර්ශන පවත්වනවා මිසක් ආර්ථිකය හදන කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නෑ. ඒක තුළ තමන් අසාර්ථකයි. අසමත් කියලා ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.


ප්‍රශ්නය:-  දැන් ආපහු රට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිවෙලා. මේවා පිටිපස්සේ ඔබලත් ඉන්නවා. ඔහොම උද්ඝෝෂණ කරනකොට රට හැදෙයිද?


පිළිතුර:- යහපාලන ආණ්ඩුව කාලේ ඔබට මතකද? හැමදාම විරෝධතා ජීවන වියදම වැඩිවෙන කොට පීඩනය වැඩිවෙනකොට ජනතාව නැගී සිටිනවා ජනතාව උද්ඝෝෂණය කරන්නේ නිකම් නොවෙයි. ඔබ කියන්නේ ජනතාව කරබාගෙන ඉන්න ඕනැ කියලද?


ප්‍රශ්නය:-  එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන කියනවා ඔහොම උද්ඝෝෂණ කරනකොට පඩි වැඩි කරන්නේ කොහොමද කියලා?


පිළිතුර:- ඔය යන්නේ මර්දනයට පාර කපා ගන්නයි. දැන් සමාජ මාධ්‍ය වාරණය කරන්න හදනවා. මාධ්‍ය මර්දනයක් කොහොමත් තියෙනවා. අනීතික පාලනයක් ගෙනියන්නයි මේ අය හදන්නේ. මම මුලින් කිව්වා වගේ පීඩනය දරාගන්න බැරි නිසයි ජනතාව නැගිටින්නේ. ඉතින් ඒ හේතු ඉවත් කළා නම් ඉවරනේ.


ප්‍රශ්නය:-  පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරුන් කියනවා ‘අයවැය සම්බන්ධයෙන් තීරණයක් ගන්න වේවි’ කියලා. ඔබ මොකද හිතන්නේ?


පිළිතුර:- ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා අපට පේනවා. නොපෑහෙන දිගයක්නේ මේක. එක්සත් ජාතික පක්ෂයේ නායකයා පොහොට්ටු කණ්ඩායමක් එක්ක ආණ්ඩු කරනවා. ඔය නිසාම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා රට බාරගත්තෙ නැත්තේ. මේ ප්‍රශ්නත් එක්ක රට තව තවත් අවුලට යනවා. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුව විසුරුවල ජනවරමක් ඇති ආණ්ඩුවක් හදන්න අවස්ථාව දෙන්න කියලා. අද ජනවරමක් නැති ආණ්ඩුවක් තමයි තියෙන්නේ. ජනවරමක් නැති නායකයෙක් ඉන්නේ ඒක තමයි මේ අර්බුදයට හේතුව.

ප්‍රශ්නය:- පොහොට්ටුවේ ලේකම් ඇතුළු ප්‍රබලයන් ජනාධිපතිවරයා සමග ගැටුමක ඉන්නේ. ඒත් විපක්ෂනායකවරයා සමත් නෑ ඔවුන් එකතු කරගන්න.


පිළිතුර:- දැනටමත් අපි ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ආපු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. ඉදිරියේදී අපි මේ රටේ දැවැන්තම දේශපාලන සන්ධානය පිහිටුවනවා. දූෂණ චෝදනා නැති, අන්තවාදී නොවන පිරිස් තමයි අපි එකතු කරගන්නේ.


ප්‍රශ්නය:- ඔබේ පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා කියනවා ‘සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන්න බෑ.’ කියලා.


 පිළිතුර:- අපේ පක්ෂය තීරණයක් අරගෙන තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තය ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න. ඒ නිසා සරත් ෆොන්සේකා මහතා එහෙම කියන එක වැරැදියි. එතුමා පක්ෂයේ සභාපති හැටියට විපක්ෂයේ නායකයාට සහයෝගය දිය යුතුයි. ඔහු සභාපති හැටියට පත් කළේත් නායකයා.


ප්‍රශ්නය:- සරත් ෆොන්සේකාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැද්ද? ඔබ පක්ෂයේ ලේකම්?


පිළිතුර:- එතුමා කළා කියන ප්‍රකාශයක් විතරයි අපි දැක්කේ. එතුමාට ඕනෑ විදියට කටයුතු කරන්නත් පුළුවන්. ඕනෑම තීරණයක් ගන්නත් පුළුවන්.


ප්‍රශ්නය:-  සජබෙ මන්ත්‍රීවරු දෙන්නෙක් මන්ත්‍රී ඩයනා ගමගේ සමග පාර්ලිමේන්තුව තුළ දබර කර ගත්තා. ඔබේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් පක්ෂය ගත්ත තීන්දුව මොකක්ද?


පිළිතුර:- මම හිතන්නේ ඒකට විනය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය නෑ. ඒ රාජ්‍ය ඇමැතිනියම තමයි අපේ මන්ත්‍රීවරුන්ට අපහාස කරලා ගහන්න යන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.
මෙය සිදුවීම ගැන පාර්ලිමේන්තු කොමිටියක් මගින් විභාග කරනවා. එයා කාන්තා හිංසනය ගැන කතා කරනවා. නමුත් ඊට කලින් කාන්තාවක් හැටියට හැසිරෙන්න දැනගන්න ඕනෑ. මං හිතන්නේ ඒ හැසිරීම ඉතාම නරක තැනක තියෙන්නේ. කාටවත් ඒ හැසිරීම අනුමත කරන්න බෑ.


ප්‍රශ්නය:-  ඔබත් මන්ත්‍රී ඩයනාට පාර්ලිමේන්තුව තුළ නොසරුප් වචනයක් පාවිච්චි කරනවා. ඔබ වගේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට ඒවා සුදුසු නෑ?


පිළිතුර:- මම එතුමියට නොවෙයි ඒක කිව්වේ. එතුමියට මම පාර්ලිමේන්තුවේදී කිව්වා ‘එතුමිය ඉලක්ක කරගෙන නොවෙයි මම ඒක කිව්වේ’ කියලා ඒ වගේම එතුමිය ඒක බාරගන්නවා නම් මම ඒක ගැන කනගාටුව ප්‍රකාශ කරනවා’ කියලා. මගේ ඉතිහාසය ගත්තොත් මම කවදාවත් කාටවත් එහෙම කතා කරලා නෑ.

 

ප්‍රශ්නය:-  ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය අහිමි වෙයි කියලා ඔබලා බලාගෙන හිටියා. නමුත් ඒකත් බිඳ වැටුණා?


පිළිතුර:- මට පේන විදියට මෙතැන කාරණා දෙකක් පටලවාගෙන තියෙනවා. එකක් තමයි එතුමියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයකු  නඩුවක් ගොනුකළා. ඒ නඩුවෙදි එක විනිශ්චයකාර තුමෙක් එතුමියට තියෙන චෝදනා ඔප්පු කරන්න පුළුවන් කියලා කියද්දි තව විනිශ්චයකාරතුමෙක් ඒ තීරණයට විරුද්ධ තීරණයක් දීලා තියෙනවා. අපි එතුමිය සම්බන්ධයෙන් පක්ෂයෙන් විනය කමිටුවක් දාලා විනය පරීක්ෂණයක් කරලා ඒකෙන් එතුමිය වැරැදිකාරිය වෙලා පක්ෂයෙන් නෙරපලා තියෙනවා. ඒකට අදාළ නඩුව තවම විභාග වෙමින් තියෙනවා. ඉතින් අපි බලමු අධිකරණය කෙසේ කටයුතු කරයිද කියලා.


ප්‍රශ්නය:-  සජබයෙ කට්ටියක් ආණ්ඩුවට යනවා කියලා කිව්වා. දැනට එහෙම නොගියත් මේ අයවැය ඡන්ද විමසීමේදී කට්ටිය ගියොත්?


පිළිතුර:- සජබය කට්ටියක් යනවා කියලා  අවුරුද්දක් තිස්සේ  කියනවා. නමුත් එහෙම ගිහින් නෑ. කඩාවැටෙන ආණ්ඩුවකට ඇතුළේ ප්‍රශ්න තියෙන ආණ්ඩුවකට, ඒ වගේම ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කරන ආණ්ඩුවකට. ජනතාව පීඩනයෙන් මුදවා ගන්න බැරි ආණ්ඩුවකට, ගිලෙන නැවකට අපේ මන්ත්‍රීවරුන් කිසිම කෙනෙක් යන්නේ නෑ කියලා මම වගකීමෙන් කියනවා.


ප්‍රශ්නය:-  ජනාධිපතිවරණයට  අපේක්ෂකයන් විශාල පිරිසක් තම තමන්ගේ සුදුසුකම් ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. මේක සජිත්ට අභියෝගයක් නොවෙයි ද?


පිළිතුර:- සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් ළං වෙනකොට විවිධ පුද්ගලයන් එළියට එනවා. නමුත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක් අතර තමයි සටන තියෙන්නේ. ඕක සාමාන්‍ය දෙයක්. හැම ජනාධිපතිවරණයකදීම අපි ඕක දැකලා තියෙනවා.


ප්‍රශ්නය:-  ඔබ කියපු දෙන්නගෙන් ඔබේ අනිකා කවුද?


පිළිතුර:- එක්කෝ දැන් තියෙන ආණ්ඩුවේ අපේක්ෂකයා එහෙම නැත්නම් මාලිමාව.


ප්‍රශ්නය:- මාලිමාවේ අභියෝගයට ඔබලා මුහුණ දෙන්න සූදානම් වෙන්නේ කොහොමද?


පිළිතුර:- ඉතිහාසයේ ඡන්ද ප්‍රතිඵල බැලුවම අපි හිටපු පක්ෂ අපි හැමදාම ජයග්‍රහණය කරලා තියෙනවා. ජාතික ජනබලවේගය පෙළපාළි යන එක. රැස්වීම් තියන එක හැමදාමත් කරලා තියෙනවා. නමුත් ඡන්දෙන් පස්සේ තමයි දන්නේ ඡන්ද කොච්චර ද තියෙන්නේ කියලා. ඒ නිසා ඒ අය අපට කිසිම අභියෝගයක් නෙවෙයි.


ප්‍රශ්නය:-  පළාත් පාලන ඡන්දය කල්ගියේ සල්ලි නෑ කියලා. ව්‍යවස්ථාවේ මොනවා සඳහන් වුණත් ඒ තර්කයම ජනාධිපතිවරණයටත් ගළපා ගන්න පුළුවන් නේද?


පිළිතුර:- කිසිම හේතුවක් නිසාවත් ජනාධිපතිවරණය කල්දාන්න කිසිම හැකියාවක් නෑ. ලබන වසරේ අනිවාර්​ෙ‌යන්ම ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ඡන්ද නීතියට පිටින් යන්න බෑ. බැරිවෙලාවත් එහෙම කරන්න ගියොත් ජනතාව පාරට බැහැලා විශාල ප්‍රශ්නයක් වේවි.


ප්‍රශ්නය:-  අගමැති අපේක්ෂකත්වය සජිත්ට දෙන්නත් ජනාධිපති අපේක්ෂකත්වය රනිල්ට දෙන්නත් යෝජනාවක් ආවොත්....?


පිළිතුර:- අපි කිසිසේත්ම එහෙම එකඟවෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා කවුද කියන එක පහුගිය මහ මැතිවරණයෙන් ඔප්පු වුණා. එතුමට එක මන්ත්‍රී ආසනයක්වත් දිනාගන්න බැරිවුණා. අපි මන්ත්‍රී ධුර 51 ක් දිනාගත්තා. එතුමා ජනතාව ප්‍රතික්ෂේප  කරපු නායකයෙක්. ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙච්ච නායකයෙක්. ඒ නිසා ඔබ කියන යෝජනාවට අපි එකඟ වෙන්නේ නෑ.

 

 

සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 

 



අදහස් (0)

අපි ඉල්ලන්නේ ජනවරමක් ඇති ආණ්ඩුවක් හදන්න අවස්ථාව දෙන්න කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3485 27

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1000 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2138 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 979 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1218 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1284 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 330 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1347 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site