IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


බැසිල්ගේ ආගමනය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන කරළියේ බොහෝ පුවත් මැවෙමින් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ මේ මස 8 වැනිදා පෙරවරුවේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දීමට නියමිත බවය.. තවද බැසිල් එදිනම ප්‍රබල කැබිනට් ඇමැතිධුරයක ද දිව්රුම් දීමට නියමිත බව ද එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙයි. බැසිල් පිළිබඳව පැතිර යන ආරංචි අතර ‘බැසිල්ට මුදල් ඇමතිකම ලැබෙනවා. ඊට අමතරව ඔහුට ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිධුරයත් හිමිවෙනවා’ ආදී  නොයෙකුත් ආරංචි අසන්නට ලැබෙමින් තිබේ. රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කීවේ බැසිල්ට ලබාදිය යුත්තේ සියලු කැබිනට් අමාත්‍යධුර අධීක්ෂණය කිරීමට හැකි බලයක් තිබෙන ඇමතිධුරයක් බවය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ ඉකුත් දිනවල ඒ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡා කළ බවය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු 113ක් ජනාධිපතිවරයාට ඉකුත්දා ලිපියක් බාර දුන්හ.

එම ලිපියෙන් ඉල්ලා තිබුණේ බැසිල් රාජපක්ෂට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදෙන ලෙසත් ඔහුට වගකිවයුතු කැබිනට් ඇමතිධුරයක් ලබාදෙන ලෙසත්ය. එම ඇමතිවරු එම ලිපිය ජනාධිපතිවරයාට ද බාර දී ඇත.

‘අපි ජනාධිපතිතුමා හමුවී එම ලිපිය බාර දුන්නා. කැබිනට් ඇමැතිවරු ද, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම ලිපියට අත්සන් තැබුවා’ යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

පාස්කුදා ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවීම නිමිති කරගෙන සමගි ජන බලවේගය පක්ෂය පාර්ලිමේන්තුවේ දී ඉකුත් අප්‍රේල් මස 21 වැනි දින විරෝධතාවයක් පැවැත්වීය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පාස්කු ප්‍රහාරයට විරෝධය දක්වමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ද ඇතැම් මන්ත්‍රීවරු කළු පැහැති සාටක පැළඳ ගනිමින් ද එම විරෝධතාවයට එක්ව සිටියහ. විපක්ෂයේ විරෝධතාවයට දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කරන්නට ආණ්ඩු මැති ඇමැතිවරු පියවර ගත්හ. මෙම කලබැගෑනිය හේතුවෙන් එදින පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතුවලට ද දැඩි බාධාවක් එල්ල විය. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන කමිටුවක් පත් කළේය.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර, එම්.ඒ. සුමන්තිරන් යන මැති ඇමැතිවරුය. එම කමිටුව අවසන් වරට ඉකුත් 28 වැනි දින රැස් වූ අතර කමිටුවේ වාර්තාව ඉදිරියේ දී කතානායකවරයාට බාර දීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය ලබා මේ වනවිට සමගි ජන බලවේගය පක්ෂයට එක්ව සිටින මන්ත්‍රීවරුන් 76 දෙනකු පක්ෂයෙන් ඉවත් කළ පසුව ඒ වෙනුවට නවක මන්ත්‍රීවරුන් පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉකුත්දා පියවර ගත්තේය.

නවක මන්ත්‍රීවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු වූයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. බොහෝ කාලයක සිට එජාපයේ නිල පුවත්පත ‘සියරට’ පත්‍රය නතර වී තිබූ අතර නවක මන්ත්‍රීවරුන්ට ලිපි ප්‍රදානය කිරීමට සමගාමීව එම පුවත්පතේ විද්‍යුත් පත්‍රය එළිදැක්වීම ද සිදු සිදු වූයේය. නායක රනිල් සමග එම අවස්ථාවට රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර, අකිල විරාජ් මෙන්ම සාගල රත්නායක ද එක්ව සිටියහ. එහිදී නායක රනිල් වික්‍රමසිංහ කතාවක් ද කළේය. හමුදා සාමාජිකයන් පරිපාලන  කටයුතුවලට යෙදවීම. ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීම, මුදල් ප්‍රතිපත්තිය ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ එහිදී රනිල් වික්‍රමසිංහ අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ උපන් දිනය ඉකුත් බදාදා දිනට යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් චන්ද්‍රිකා කුමාරතුංග සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණේය.

‘මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙමෙයි අපි කවුරුත් එහෙමයි. කවදා හරි යන්නෙත් තනියමයි. හිස් අතින්. එහෙත් අපි මේ ලෝකයෙන් යන දවසට එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපි මේ ජීවිත කාලය පුරා අප කළ කී දෑ අනුව ඉතිරි වූ හොඳ නම හෝ නරක නම. මේ යථාර්ථය මම කුඩා කල සිටම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේ දී අපේ ජීවිත ආලෝකමත් කර ගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොඳ තත්ත්වයකට පත් කිරීමටත් අපි බැඳී සිටිනවා’ ආදී වශයෙන් චන්ද්‍රිකා දිගු පෝස්ටුවක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබිණි.. හිටපු ජනාධිපතිනිය තමාට උපන් දින සුභ පැතුම් එක් කළ පිරිසට සිය ස්තුතිය පිරිනැමීමටද එහිදී අමතක කර නැත.

ජනාධිපති පොදු සමාව යටතේ දුමින් ද සිල්වා නිදහස් කිරීම පිළිබඳව සමාජ ජාලා මාධ්‍යවල ඉකුත් සතිය පුරා බොහෝ කරුණු කාරණා විවේචන ආදිය පළ වූයේය. ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් හා උදහස් සමාජ මාධ්‍යවල පළකර තිබුණේය.

මේ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය විරෝධය දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යවා තිබිණි. හිරුණිකා එම ලිපියෙන් දොස් නගා තිබුණේ ජනාධිපති පොදු සමාව යටතේ දුමින්ද සිල්වාට සමාවක් පිරිනැමීම පිළිගත නොහැකි අසාධාරණ කටයුත්තක් බවට කරුණු ඉදිරිපත් කරමිනි. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කරුණු කියන්නට හිරුණිකා කටයුතු කරමින් සිටින බවය. දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විවේචනයක් ඉදිරිපත් කර තිබිණි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරියගේ කරුණු දැක්විම පිළිබඳ ඇතැම් පාර්ශ්ව විවේචන ඉදිරිපත් කළහ.

‘ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. එම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට බලයක් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ හෝ රටේ කටයුතු ගැන විවේචන ඉදිරිපත් කරන්න ඇමෙරිකානු තානාපතිනියට බැහැ. එය එතුමියගෙ සීමාව ඉක්මවා යාමක්’ හිතවාදීන් තානාපතිනියට දොස් නගා තිබිණි.

ආණ්ඩුව හා සුළුතර දේශපාලන පක්ෂ නායකයන් අතර පවතින අර්බුදය දිනෙන් දිනම වැඩි වන්නට පටන්ගෙන තිබේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නායකයෝ ද ආණ්ඩුව ගැන ඔවුන්ගේ විවේචන ඉදිරිපත් කරන්නට පටන් ගෙන සිටිති. ‘බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවටයි, කැබිනට් මණ්ඩලයටයි එනවට වැඩියෙන්ම විරෝධය දක්වන්නේ ආණ්ඩුවේ සුළුතර පක්ෂයි. බැසිල් ආවම මුලින්ම ඒ අයට කෙනහිලිකම් වෙනවා. ඒ ගැන ආණ්ඩුවේ සුළු පක්ෂ නායකයන් ඉන්නේ අසතුටකින්’ යැයි දේශපාලන විචාරකයෙක් අදහස් දක්වා තිබිණි.

 

(*** කස්තුරි)



අදහස් (4)

බැසිල්ගේ ආගමනය

wajira Friday, 02 July 2021 04:10 AM

කර්මාන්තයක් ගැන කතාකරන්නේ කවද්ද? එකම දේ නැවත නැවත වෙයි..

:       0       11

gamini Sunday, 04 July 2021 03:20 AM

වර්තමානයේ රටේ තිබෙන්නා වූ සියලු අර්බුද විසඳිය හැකි බව සජිත් සහ කණඩායම කියා සිටියි. රජයේ සිටින්න‍ා වූ රජය විවේචනය කරන්නා වූ කණ්ඩායම සමග එක්ව සජිත් අගමැති කරමු. ඉදිරි වසර දෙකේදී ඔහුගේ හැකියාවන් සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරමු. එවිට රජය සහ විපක්ෂයද, විපක්ෂය සහ රජයද එකසේ අසමත් බව ජනතාවට පසක් වනු ඇත..

:       56       56

Tiran Sunday, 04 July 2021 03:50 PM

පසක් වුණාට වෙන විකල්ප කිසිත් නැති එකයි ලොකුම අභාග්‍යය...

:       19       19

gaminiSunday, 04 July 2021 06:05 PM

රටේ පිරිසක් කියාසිටින්නේ සජිත් එකම විකල්පය බවයි. ඔහුට සියලු ප්‍රශ්න සඳහා කඩිනම් විසඳුම් දියහැකි බවයි. එම නිසා සජිත්ව අගමැති කරමු...

:       76       76

ඔබේ අදහස් එවන්න

 

 
 

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4482 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2895 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 3032 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3186 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4192 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3058 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1151 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site