අමල් වික්‍රමරත්න
මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ වනවිට අපේක්ෂකයන් 37දෙනෙකු සහ තවත් පුද්ගලයන් 310දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව අද උදෑසන වනවිට ලැබී ඇති පැමිණිලි සහ නීති උල්ලංඝනය කිරීම් සිද්ධි සංඛ්‍යාව 413ක් දක්වා ඉහළ ගොස් ඇතිබව පොලිස් මුලස්ථානය පවසයි.
එම පැමිණිලි අතර මැතිවරණ පැමිණිලි 298 ක් සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 115ක් වාර්තාවී ඇතිබව පොලිසිය පවසයි.
දෙසැම්බර් 09 වනදා පෙරවරු 06.00 සිට (27) අද පෙරවරු 06.00 දක්වා එම පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව තොරතුරු ලැබී ඇතිබව පොලිසිය සඳහන් කරයි.
මේ පිළිබඳව අදාළ පොලිස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
එම කාලය තුළ පැෆරල් සංවිධානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 642 සහ කැෆේ සංවිධානයට මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 232 වාර්තාවි ඇතිබව එම නිරීක්ෂණ සංවිධාන පවසයි.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමෙන් අපේක්ෂකයන් 37ක් සහ පුද්ගලයන් 310ක් අත්අඩංගුවට
rocky Sunday, 28 January 2018 02:08 AM
අපේක්ෂකයන් සියලුදෙනාගේම අපේක්ෂකත්වය අවලංගු කොට හෙන්චයියලාට බරපතල වැඩ ඇතුව හිරදඬුවම් නියම කරන්න!