IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෙරමුණු වැඩිවීමෙන් ගැටුම්

කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

ඉමදුව ප්‍රාදේශීය සභාවට තරඟකරණ ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සහ ඔහුගේ ආධාර කරුවෙකුට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයෙක් සහ තවත් දෙදෙනෙක්  ඊයේ (26) රාත්‍රී 10 ට පමණ සිදුකල  පහරදීමක් සම්බන්ධයෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ආධාර කරුවෙක් අද (27) අළුයම සැකපිට අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආධාරකරුවෙක් ඉමදුව දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇත.

පොලීසිය පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඔහුගේ ආධාරකරුවා සිය නිවසට යතුරු පැදියෙන් රැගෙන යමින් සිටියදී කෝදාගොඩ  තාරමුල්ල මාර්ගයේදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයා සහ තවත් දෙදෙනෙක් මාර්ගය හරස් කොට එම යතුරු පැදිය නවතා මෙම පහර දීම සිදුකර ඇති බව පැමිනිල්ලේ සඳහන් වන බවයි.

සිද්ධියට සම්බන්ධ අනෙක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයා සහ තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.



අදහස් (1)

පෙරමුණු වැඩිවීමෙන් ගැටුම්

laksman Sunday, 28 January 2018 07:19 AM

සුද්දෝ අපිට පක්ෂ දේශපාලනයක් දුන්නේ බල ලෝභීව පක්ෂ වැඩිවෙලා ගැටුම් ඇති කරගෙන රට විනාශ වන බව දන්න නිසා.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site