IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඡන්ද නීති කඩමින් නොමිලේ වන්දනාවක්

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ ලග්ගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව නොමිලේ වන්දනාවේ කැඳවාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්  මාතලේ  සහකාර මැතිවරණ කොමසාරිස් වරයා විසින් විශේෂ විමර්ශනයක්  පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන්නැයි  ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා යවා තිබේ.

එම ප්‍රදේශවල පුද්ගලයන්  595 දෙනකු  බස්රථ 13කින් නොමිලේ එක්දින වන්දනා චාරිකාවක් සඳහා අද(19) රැගෙන යෑමට සූදානම් කොට තිබු  බව ලග්ගල පොලිසියට සහ මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි ලැබී තිබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසීය.

දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන නියෝජිතයකු විසින් මෙය සංවිධානය කරන බවත් එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ලග්ගල විල්ගමුව ප්‍රාදේශීය සභා සඳහා නියෝජනය කරන අපේක්ෂකයින් විසින් එම කොට්ඨාසවල පදිංචිකරුවන්ට මෙම නොමිලේ වන්දනා පහසුකම ලබාදීමේ කටයුතු සිදුකෙරෙන බවත් එම පැමිණිලිවල සදහන්ව තිබුණු බවද හෙතෙම සඳහන් කෙළේය.

මේ පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී පෞද්ගලික සංචාරක ආයතනයක් විසින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගේ ව්‍යාපාරයෙන් ලැබූ ලාභයෙන් කොටසත් මෙම ජනතාවට වියදම් කොට වන්දනාවේ රැගෙන යෑම සිදු කරන බවත් මේ සඳහා දේශපාලන අරමුණක් නැති බවත් සංචාරකයින් ප්‍රකාශ කළ බව සහකාර මැතිවරණ කොමසාරිස් කියා සිටියේය.



අදහස් (1)

ඡන්ද නීති කඩමින් නොමිලේ වන්දනාවක්

minipe Saturday, 20 January 2018 05:00 PM

අනේ කොච්චර පිනක්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site