IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අයියා-මලෝ පක්ෂ දෙකකින් එකම සභාවේ

(නිශාන්ත කුමාර)

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී  මිනිපේ ප්‍රාදේශීය සභාව සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම පවුලක සහෝදරයින් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකක් නියෝජනය කරමින්  එකිනෙකාට එරෙහිව මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටිති.

මේ දෙදෙනාගෙන් බාල සහෝදරයා වන  ජේ එම්. යු. ඩබ්. නිමල් බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය යටතේ හසලක අංක 7 කොට්ඨාසය සඳහා තරග කරන අතර එම කොට්ටාසයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයා ලෙස  වැඩිමහල් සොයුරා වන ජේ එම්. යු. ඩබ් සිරිල් ජයසිංහ මහතා ඉදිරිපත්වී සිටියි.

බාල සොයුරා වන නිමල් බණ්ඩාර මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවකයකු වන අතර ඔහු හසලක ගොවි සංවිධානයේ සහ ප්‍රජා ජල ව්‍යාපෘතියේ හිටපු සභාපතිවරයාද වෙයි. 

වැඩිමහල් සොයුරු සිරිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 22ක සේවා කාලයකින් පසු විශ්‍රාම ලැබු මණ්ඩලික සැරයන් වරයෙකි.  



අදහස් (6)

අයියා-මලෝ පක්ෂ දෙකකින් එකම සභාවේ

ranjana silva Tuesday, 16 January 2018 07:11 AM

කොහොමත් පක්ෂ වෙනස් වුනාට දෙකෙන්ම ඉන්නේ හොරුනේ . එක නිසා ප්‍රශ්නයක් නැහැ...... වෙනසකට වෙනස් වෙමු. මෙවර ජවිපෙට ඡන්දය දෙමු.

:       6       251

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 07:22 AM

මේ පක්‍ෂ දෙකේ නායකයො දෙන්නත් අයියා මල්ලී වගේ තමා. අයියා මල්ලිට යටින් උදව් කරනවා. මල්ලී අයියට යටින් උදව් කරනවා. ලෝකෙට පේන්න බොරුවට කව්ද හොරා කියලා කෑ ගහනවා. මිනිපේ 7 ඇලේ අයියයි මල්ලියි නිකරුනේ මරා ගන්නවා.

:       2       184

රජින්ද Tuesday, 16 January 2018 07:23 AM

කවුරු දින්නත් පවුල ගොඩ....!! හරියට දැන් පාර්ලිමේන්තුවේ ඉන්න රාජපක්ෂ පවුල, ගමගේ පවුල, රණතුංග පවුල, අමුණුගම පවුල වගේ තව එකී නොකී පවුල් පිටින් පාර්ලිමේන්තුවේ සහ සමස්ථ රාජ්‍යයේ සියලු වරදාන වරප්‍රසාද භුක්ති විදින ගමන් දැන් ගමෙත් පවුල් පාලනය බිහි වීම කිසිසේත්ම අනුමත නොකරමි. කවරාකාර මත දැරුවද ඔවුන් නියෝජනය කරන්නේ එක පවුලක් නිසා එය රජයක ස්ථාවරත්වයට සහ ප්‍රතිපත්ති වලට හානිකර විය හැක. මා මේ කියන්නේ එකම පාර්ලිමේන්තුවක හෝ පළාත් සභාවක සිටිනා ඥාතීන් ගැන පමණි.

:       0       64

Sanath Tuesday, 16 January 2018 07:45 AM

චන්ද්‍රානි අක්කා, ස්වර්ණා අක්කා ඇතුළු ජ​.වි.පෙ. කණ්ඬායම මේ සැරේ මිනිපේ හොඳ සටනක් දෙනවා. මෙදා ජ.වි.පෙ. ඉදිරියෙන්...

:       0       0

JAYANTHA Tuesday, 16 January 2018 08:01 AM

කව්රු හරි නායකයෙක් කොන්ට්‍රැක්ට් කරන එක නැවැත්තුවොත් ඔය ඡන්දෙ ඉල්ලලා එන අය එක්කෙනෙක්වත් නැහැ. ටික දෙනෙක් එනවා සැබෑ සමාජ සේවයට... අවුරුදු පහ ඉවර වුණාම බලාගත හැකියි ජනතා සේවය... එ් නිසා මිනිස්සු හරියට කල්පනා කරලා බැලුවොත් ගොඩ... නැත්නම් වලේ තමයි

:       0       0

sampath Tuesday, 16 January 2018 08:56 AM

මොලේ ඇති දෙන්නෙක්... කවුරු දිනුවත් ගොඩ. බොහෝමයක් දේශපාලනය කරන පුද්ගලයින් වගේම ලංකාවේ ව්‍යාපාරිකයනුත් ප්‍රධාන පක්ෂ දෙකටම උදව් කරනවා. හැමදාම කවුරු දිනුවත් ඔවුන් නම් දිනුම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31026 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13150 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site