IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අපේක්ෂකයකුගේ නමින් මුහුණු පොතේ හොර පිටුවක්

(ජුඩ් සමන්ත)

මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකුගේ නමින් මුහුණු පොතේ ව්‍යාජ පිටුවක් සකස් කර විවිධ අදහස් පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන වෙන්නප්පුව පොලීසිය මැතිවරණ අපේක්ෂිකාවක කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින තම පියාගේ නමින් වැරදි ප්‍රවෘත්ති මුදා හරින බව වෙන්නප්පුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක රුක්මන් ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව විමර්ශන කටයුතු කර ඇති පොලීසිය මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂිකාවක කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

තමන් අදාළ අපේක්ෂකයා ළග වසර කීපයක් සේවය කර ඇති නමුත් මෙවැනි කටයුත්තක් නොකළ බවත් මේ සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ලබා දෙන ලෙසත් අදාළ අපේක්ෂිකාව පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.



අදහස් (0)

අපේක්ෂකයකුගේ නමින් මුහුණු පොතේ හොර පිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site