IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්

බී.ජී. චතුරංග, යොහාන් භාසුර, රේඛා තරංගනී ෆොන්සේකා සහ  උපාලි ආනන්ද

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර, අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නැගෙනහිර නුවරගම් පලාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇති දුම්රිය සංචාරක බංගලාවක් තුළ, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය ඉංජිනේරුවරුන් පිරිසක් නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය කියයි.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ ගල්ගමුව දුම්රිය ස්ථානයේ , තලාව දුම්රිය ස්ථානයේ , අනුරාධපුර දුම්රිය ස්ථානයේ, මිහින්තලා දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන නවීකරණ කටයුතු නිරීක්ෂණය ඇතුළු විශේෂ වැඩ සටහන් මාලාවක් සඳහා සහභාගී වීමට පැමිණ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉංජිනේරු පිරිසක් මෙම සංචාරක බංගලාව තුළ නවාතැන් ගෙන සිටි බව පොලිසිය පවසයි.

--------------------------------------

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ  අභාවප්‍රාප්ත විය.

අනුරාධපුරයේ පැවති රාජකාරී කටයුත්තකට සහභාගි වී සිටියදී දුම්රිය නිවාඩු නිකේතනයේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවත් ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.



අදහස් - (1)

රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්

ලුම්බිණි Tuesday, 23 April 2024 03:18 PM

ඇමැති එනවා කිව්වම ලෙඩවල් බල ඉන්න බැහැනේ. මැරෙන්න හරි යන්න වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 12 88 0

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.


හිටපු කොළඹ රදගුරු කෙනත් ප්‍රනාන්දු පියතුමෝ ස්වගර්ස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 04 1846 0

කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.


ජාඇල හිටපු නගරාධිපති සමුගනී
2025 ජුලි මස 29 411 0

ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.


වරකාවැහැර ධම්මපාල නා හිමියෝ අපවත් වෙති
2025 ජුලි මස 06 162 0

බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික


මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
2025 ජුලි මස 02 1394 1

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.


ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
2025 ජුනි මස 30 4257 17

හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.


Our Group Site